බින් ලාඩන්ගේ මරණය අල් කයිඩා සංවිධානය තහවුරු කරයි

කිෂානි වැලිවිටිගොඩ

අල් කයිඩා සංවිධානය විසින් එහි නායකයා වන ඔසාමා බින් ලාඩන් මහතාගේ මරණය තහවුරු කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය කියා ඇත්තේ බින් ලාඩන් මහතාගේ මරණය සිදු වූ ඇති නමුත් ඔහු විසින් තමන්ගේ රුධිරය කැප කිරීම නාස්තියක් නොවන බවත් ඇමෙරිකානුවන්ගෙන් සහ ඔවුන්ගේ නියෝජිතයින්ගෙන් කෙසේ හෝ පලි ගන්න බවයි.

අදාළ නිවේදනය මඟින් තව දුරටත් කියා ඇත්තේ සෙයික් බින් ලාඩන් මහතා ඇමෙරිකානු හමුදාව විසින් මරා දැමුණු ස්ථානයේ මිනිසුන් වහාම පකිස්තානයේ නායකයින්ට විරුද්ධව නැගී සිටිය යුතු බවයි. එසේම තමන්ගේ මරණයට සතියකට පෙර බින් ලාඩන් විසින් පටිගත කරනු ලැබූ හඬ පටයක්ද ළඟදීම නිකුත් කිරීමට නියමිත බව අදාළ සංවිධානය වැඩි දුරටත් ප්‍රකාශ කොට ඇත.

"දෙවියන්ගේ ආශීර්වාදය ලත් ඔසාමා බින් ලාඩන් මුළු මහත් මුස්ලිම් ප්‍රජාවටම ආශීර්වාදයක් වුණා," යැයි නිවේදනයේ සඳහන් වේ.


Tell a Friend