කමිටු වාර්තාව යුරෝපා සංගමයේ පැසසුමට.

මෑතකදී නිකුත් වූ එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටු වාර්තාවට යුරෝපා සංගමය සිය සහය පල කරයි. ශ්‍රී ලංකාවේ වගවීම තීරණය කල වාර්තාව ඔවුන් දකින්නේ ඉතා හොද වර්දනිය අවස්ථාවක් ලෙසයි. කමිටුව, ගැටුමට සම්බන්ද සියලු පාර්ශවයන් විසින් මානව හිමිකම් සහ මානව දයවාදී නිතිය ප්‍රදාන වශයෙන් උල්ලංගනය කිරීම් පිලිබදව විශ්වසනීය චෝදනා නිගමනය කර ඇති බව එම ප්‍රකාශනයෙන් කියවේ.

යුරෝපා සංගමය මෙම අසීමාන්තික බරපතල චෝදනා පිළබදව සොයා බැලීමට සුවාදින ක්‍රියාදාමයකට අවතීර්ණ විය යුතු බව නැවත නැවතත් කියා සිටි. එවැනි ක්‍රියාදාමයක් ශ්‍රී ලංකාවේ සංහිදියා වැඩපිළිවෙල , තිරසාර සාමය සහ ආරක්ෂාව ශක්තිමත් කරනු ඇති බව යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති පිළිබද ප්‍රදානි කැතරීන් අස්ටෝන් ප්‍රකාශනයක් මගින් කියා සිටින්නීය.

අස්ටෝන් ශ්‍රී ලංකා ආණ්ඩුව මෙම වාර්තාවේ විදිමත් අරමුණු සැලකිල්ලට ගෙන එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයා සමග එහි අන්තර්ගතය ගැන උනන්දුවෙන් කටයුතු කරනු ඇති බව යුරෝපා සංගමය බලාපොරොත්තුව බවත් අස්ටෝන් කියා සිටින්නීය.

ප්‍රදාන වශයෙන් සාවද්‍ය සහ පක්ෂපාති කරුණු මත පදනම්ව ඇති නිසා ශ්‍රී ලංකාව මෙම වාර්තාව ප්‍රතික්ෂේප කරයි.

ඩේලි මිර ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා

Tell a Friend