ඔසාමා මැරීමට ඇමෙරිකාව සහ පකිස්ථානය සැලසුම් කලේ මිට අවුරුදු 10 කට කලින්.(VIDEO)

ඔසාමා ගතාන මෙහෙයුමට විරුද්දව මේ දිනවල පකිස්ථානයේ දැඩි විරොදයක් ඇති වී තිබෙනවා. නමුත් ඔසාමා මැරීමේ රහසිගත සැලසුම ඇමෙරිකාව සහ පකිස්ථානය අතර ඇති වෙලා තියෙන්නේ මිට වසර 10 කට කලින් බව වාර්තා වෙනවා.

මේ රහසිගත ගිවිස ගැනීම ඇති වුනේ පකිස්ථානයේ හිටපු හමුදා නායක පර්වේස් මුසරාෆ් සහ ඇමෙරිකානු හිටපු ජනදිපතිවරයකු වූ ජෝජ් බුෂ් අතරය. එම ගිවිස ගැනීමට අනුව ඇමෙරිකාවට පකිස්ථාන බුමිය තුල ඔබාමා සහ ඔහුගේ නියෝජිතයා සොයා එක පාර්ශවික මෙහෙයුමක් කිරීමේ හැකියාව හිමි විය.

පකිස්ථානයේ ජේස්ට නිලදාරියකු කිවේ පවේස් මුසරාෆ් පාලකයාව සිටි අවස්ථාවේදීම ඇති වූ සිවිල් පාලනය යටතේ මෙම ගිවිස ගැනීම නැවත සලකා බැලූ බවයි.

නමුත් දැන් මෙම ඇමෙරිකානු වැටලීම පිළිබද විරෝදය පකිස්ථානයේ දේශපාලන කුණාටුවක් වී ඇත. පකිස්තානු අගමැති යුසුෆ් රාසා ගිලානි මෙය දැඩි දෝෂදර්ශනයට ලක් කරන අතර දැඩිව සපත කලේ තමන් මෙම වැටලීමට එරෙහිව ප්‍රති ප්‍රහාර දෙන බවයි.

ද ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරෙන්,

හර්ෂි සි. පෙරේරා
Tell a Friend