පකිස්ථානයේ ඉහලම අදිකරණය ස්ත්‍රී දුෂකයින් නිදහස් කරයි.

2002 දී පකිස්ථාන කාන්තාවක්ව කණ්ඩායමක් විසින් දුෂණය කරන ලදී. මෙම රංචු ගැසී සිදුකල දුෂණය ගම් සබාවක නියෝගයක ප්‍රතිපලයකි.
නමුත් චුදිතයින් පස්දෙනාවම පකිස්ථානයේ ශ්‍රේෂ්ටදිකරණය නිදොස් කොට නිදහස් කල බව අගතියට පත් පාර්ශවයේ නිතිඥාවරයා කියා සිටියි. ඔහුට අනුව සයවන සැකකරුගේ ජීවිතාන්තය දක්වා වූ සිර දඩුවම ස්ථිර කරන ලදී.

2002 දී මෙසේ දුෂණය කරන ලද්දේ මුක්ටරන් මයිවය. ඇය මේ ගැනත් පකිස්ථානය තුල පවතින සංකල්පයන් ගැන කතා කිරීමට පටන් ගැනීම නිසා ජත්ත්යන්තරයේ අවදානය දිනා ගත්තාය.

ඇය චෝදනා කරන්නේ මෙය පකිස්ථානයේ ගම් සබාවක නම්බුව රැක ගැනීමේ නියෝගයක් නිසා සිදු වූ බවයි. ඒ වන විට 12 හැවිරිදි වූ සිය සොහොයුරා බලවත් පවිලක ස්ත්‍රියක සමග සම්බන්දයක් පැවැත්වීම නිසා එම පවුලේ නම්බුවට හානි වූ බව තීරණය කෙරිණි. එයට හිමි දඩුවම වුයේ ඇයව රංචු ගැසී ස්ත්‍රී දුෂණය කිරීමයි.

මායි නඩු තීන්දුවෙන් පසුව කියාසිටියේ තමන්ට නයිතික ක්‍රියාදාමය පිළිබද සියලු විශ්වාසයන් නැති වූ බවත් නිදහස් වූ පුද්ගලයින් තමන්ට අනතුරක් කරතියි තමන් පසුතැවෙන බවත්ය.


අල් ජසිරා ඇසුරෙන්
- හර්ෂි - Tell a Friend