ඔබාමා සහ උප්පැන්න සහතිකය

දවල මන්දිරය ඔබාමාගේ උප්පැන්න සහතිකය ප්‍රසිද්දියට පත් කරයි. එය ඔබාමා ඇමෙරිකාවේ උපන්නේ නැති බවට පැතිරීයන කටකතා වලට ප්‍රතිචාර දැක්වීමක් වේ.

මිට පෙර ඔබාමා තමන් හවායිවල උපන් බවට නිල සහතිකයක් නිකුත් කල මුත් ඉතා තදින් පැතිරගිය කතාව වුයේ හෙතෙම සිය පියාගේ උපන් ගම වූ කෙන්යාවේ උපන් බවත් එනිසා ජනාදිපති දුරය දැරීමට නුසුදුස්සෙකු වන බවත්ය.

මේ උප්පැන්න සහතික කුමන්ත්‍රණය ගැන ඔබාමා කියන්නේ මෙවැනි මෝඩ දේවල්වලට තමන්ට කාලයක් නොමැති බවයි. අපිට මිට වඩා යහපත් දේවල් ගොඩක් තියෙනවා කරන්න. ඒවගේම අපිට විසදන්න බරපතල ගැටලුත් තියෙනවා. ඒ පිළබද කටයුතු කිරීමට ඇති හැකියාව ගැන හොද විශ්වාසයක් තියෙනවා. අපේ අවදානය යොමුවිය යුත්තේ ඒ දේවලට මිස මේවට නෙමෙයි.

බි බි සි ඇසුරෙන්
- හර්ෂි - Tell a Friend