ක්‍රීඩා ඇමති සහ නව නායකයා අවුට්

ඉන්දියන් පි‍‍රම්යර් ලීග් කි‍‍රකට් තරගාවලියට සහභාගිවි සිටින ශ‍්‍රී ලංකා කී‍්‍රඩකයින්ට එහි රැඳී සිටීමට ලබාදිය හැකි උපරිම කාලය ලබාදීමට කී‍‍රඩා ඇමතිවරයා එකඟවී ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කී‍්‍රඩා ඇමතිවරයා ඒ.එෆ්.පීපුවත් සේවයට පවසා ඇත්තේ ශී‍්‍ර ලංකා හා ඉන්දීය කි‍්‍රකට් පාලක ආයතන අතරත් ආණ්ඩු අතරත් දැඩි සුහදතාවයක් ඇති බවත්, මෙවැනි කාරණාවකට එය පළුදුකර ගැනීමට තමන් අකමැති බවත්ය.

ක්‍රීඩා ඇමති පස්ස බිම ඇන ගෙන ඇත. ඔහු නිසා මුළුමහත් ජාතියම ඉන්දියාව ඉදිරියේ පමණක් නොව මුළුමහත් ජාත්‍යන්තර ප්‍රජාව හමුවෙම ලැජ්ජාවට පත් විය. මක්නිසාද ඔහු සියලු ක්‍රිඩකයින් මැයි 05 ෙපර ලංකාවට පැමිනිය යුතු බවත් ඒෙස් ෙනාවුනෙහාත් ෙවනත් ක්රිඩකයින් කණ්ඩායමට බදවා ගන්නා බව කියු නිසාය.

නායකයා වීම සදහාම කොණ්ඩය කළු කරගත් කරාබුව ගැලවූ නව නායකයාද ක්‍රීඩා ඇමතිට දෙවෙනි නැත.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් මීට පෙර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන්ට මෙම තරගාවලියට සහභාගිවීමට මැයි 20 වැනිදා දක්වා අවස්ථාව ලබාදී තිබුනු බව පැවසේ.

එම තීරණය වෙනස් කිරීම සම්බන්ධයෙන් මුත්තයා මුරලිදරන් විවේචනය එල්ලකර තිබුණු අතර, කෙසේවුවද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිලේ නව නායක තිලකරත්න ඩිල්ෂාන් පැවසුවේ ජාතික කී‍්‍රඩකයන් වෙනත් තරගාවලිවලට පෙර රට වෙනුවෙන් කී‍්‍රඩා කිරීමේ වැදගත්කම ගැන සිතා බැලිය යුතු බවයි.

වඩා පරිනත බවක් පෙන්නු මුරලිදරන් සැමට ආදර්ශයකි.

මෙවැනි අනුවන ආකාරයට කටයුතු නොකිරීමට බලදාරින් ඉදිරියේදී වග බලා ගතයුතුය.

හර්ෂි සි. පෙරේරා






Tell a Friend