යුද අපරාද කරුමය

අපි සිංහලයින්ය. අපි බෝවුද්ධයින්ය. අපි සිංහල බෝවුද්ධයින්ය. අපි කර්මය විශ්වාස කරමු.

රට බේරාගැනීමට 2009 මැයි මස යුද්දය දිනීම රාජපක්සේ ආණ්ඩුවට යහපත් කර්මයක් විය. සතුරා මරා දැම්මේ රටත් රට වැසියාත් බේරා ගැනීමටය. නමුත් එහිදී යුධ අපරාද, මනුෂ්‍යත්වයට එරෙහි අපරාද සහ බරපතල මානව හිමිකම් උල්ලන්ගනයන් සිදු කරානම් එයටද කර්මය බලපායි. ඒ අයහපත් කර්මය කරුමය ලෙස හැදින්වීම සාමාන්‍ය ජන වහරයි.

දැන් ගඩාපි මිනීමරන විට ඒවා නැවැත්වීමට එක්සත් ජාතින් සුදානම් වේ. නමුත් ලංකාව සම්බන්දයෙන් 2002 පෙබරවාරි සිට 2009 මැයි දක්වා නිදා සිටි එක්සත් ජාතින් දැන් ඒ වකවානුවේ සිදු වූ යුද අපරාද සොයා බැලීමට යයි. ඊයේ පෙරේදා මේගැන එක්සත් ජනපද සෙනෙට් සබාව යෝජනාවක් ගෙනා බව වාර්තා වෙයි. ලංකා ආණ්ඩුව එය හැදින්වුයේ අවාසනාවන්ත තත්වයක් ලෙසය.

ඕනෑම අපරාදයකට දඩුවම් කිරීම ශිෂ්ට සම්පන්න ලෝකයක සිරිතයි. කෙසේනමුත් ලංකා ආණ්ඩුවට අද වෙන කොට මෙම යුද අපරාද පිළිබද පරීක්ෂණ යන්න කරුමයක් වී ඇත. මක්නිසාද යම් කර්මයක් පරිසන්දීමට පෙර ඇතිවෙන බිය සහ සැක කරුමයක්ම බැවිනි.


හර්ෂි සි. පෙරේරා