දේශපාලන බලුකන්

අසරණ පවුල් 365කට නිවාස ඉදිකැර දීමට එකම නැකතකින් මුල්ගල් තැබීමට යෞවන කටයුතු අමාත්‍යංශය කළ සැලැස්ම හදිසි පණිවිඩයකින් පලාගලදී අවුල් විය. නිවාස ලාභියා එක්සත් ජාතික පක්ෂිකයකු වීම ඊට හේතුව බව ගැමියෝ කියති. වැඩ පිළිවෙළට නායකත්වය දුන් ඩලස් අලහප්පෙරුම මහතා කීවේ එල්.පී. විජේසුන්දර මහතාට එරෙහිව යෞවන සමාජ තුනකින් ප‍්‍රශ්න මතුකර ඇති බවයි. ගැමියෝ වැඩි දෙනෙක් මේ ක‍්‍රියාව හෙළා දුටහ. ඔහුට සාධාරණය ඉටුකැර දෙන බව ඇමැති කියයි.