"දඩකෙළියට" අවසර ලැබෙයි.

ඇඞ්ලින් විතාරණ ඝාතන නඩුව ‘‘දඩකෙළිය’’ නමින් ග‍්‍රන්ථයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට දයාවංශ ජයකොඩි සමාගම ගත් තීරණයට එරෙහිව පැවැරූ නඩුව කොළඹ දිසා අධිකරණය අද ප‍්‍රතික්ෂේප කෙළේය. මෙම පොත නැවත මුද්‍රණය කිරීමෙන් තමන්ටත්, තම පවුලේ සාමාජිකයනටත් අපහාසයක් වන බැවින් ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ තිහක වන්දියක් ඉල්ලා ඇඞ්ලින් විතාරණගේ දියණියක විසින් මෙම නඩුව පවරා තිබිණි. පොත මුද්‍රණයෙන් අපහාසක් හො අපකීර්තියක් නොවන බැවින් එය විභාග කිරීම ප‍්‍රතික්ෂේප කරන බව අධිකරණය දැන්වීය.