සිංහල මහ විදුහල වසර 26කට පසු විවෘත කරයි

කොටි ත‍්‍රස්තවාදී ප‍්‍රහාර නිසා වසා දැමූ මන්නාරම මඩුහන්දිය සිංහල මහ විදුහල වසර 26කට පසු නැවත විවෘත කළ බව යුද හමුදාව කියයි. 1986 ත‍්‍රස්ත ප‍්‍රහාරවලින් බිමට සමතලා වූ මේ විදුහලේ ගොඩනැගිල්ලක් ඉදිකළ බවත් මේ දිනවල ළමයින් ඇතුළු කරගන්නා බවත් හමුදාව පවසයි.