13 වැනි සංශෝධනය දේශපාලන විසඳුමක්‌ නොවේ - මාවයි සේනාධිරාජා

කල්මුණේ - ආර්. ශ්‍රීවේල්රාජා

ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීම සඳහා දෙමළ දේශපාලන පක්‍ෂ හා මුස්‌ලිම් දේශපාලන පක්‍ෂ සමග සාකච්ඡා කර මූලික ප්‍රතිපත්තිමය එකඟතාවකට පැමිණ එය රජයට ඉදිරිපත් කරන බවත් 13 වැනි සංශෝධනය දේශපාලන විසඳුමක්‌ නොවන බවත් ඉන් ඔබ්බට ගොස්‌ බලය විමධ්‍යගත කිරීමේ විසඳුමකට යන බවත් ද්‍රවිඩ ජාතික සංධානය පවසයි.

ඔවුන්ගේ පළාත් පාලන ආයතන මැතිවරණ ප්‍රකාශනය නිකුත් කරමින් එම සන්ධානයේ මහලේකම් මාවයි සේනාධිරාජා මහතා මේ බව පවසා ඇත. අධිආරක්‍ෂිත කලාප බව පවසමින් ජනතාවගේ ඉඩම් හමුදාව විසින් අත්පත් කරගෙන අධිකරණ නියෝග පවා නොතකා එම ඉඩම් හිමියන්ට ලබා නොදී එම ජනතාවට අසාධාරණයක්‌ සිදු කරමින් සිටිනවා. මේ කරුණු ඇතුළුව කරුණු කාරණා රැසක්‌ සම්බන්ධව රජය සමග සාකච්ඡා කිරීමට අප හට රජය ආරාධනා කර තිබෙනවා. එහිදී අධිආරක්‍ෂිත කලාප නමින් යුත් ද්‍රවිඩ ජනතාවගේ ඉඩම් මුදාගැනීම ඔවුන්ගේ ඉඩම්වල යළි පදිංචි කරවීම ජීවනෝපාය මාර්ග යළි ඇතිකර දීම හමුදාවට භාරවූ හා අතුරුදන් වුණු තරුණ තරුණියන් පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. මේ පිළිබඳ රජය අපට ලිතව යම්කිසි විශ්වාසයක්‌ තැබිය හැකි පිළිතුරක්‌ ලබාදී තිබෙනවා. මෙය ක්‍රියාත්මක කරන ලෙස අප රජයට බලකර සිටිනවා.

ඒ අනුව ඉදිරි කාලයේදී රජය සමග කරන ලද සාකච්ඡාවලදී ද්‍රවිඩ ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට කටයුතු කරන අතරම ප්‍රජාතන්ත්‍රවාදී රටක පළාත් පාලන ආයතනවලට තවදුරටත් බලය වැඩි කිරීම සඳහා එංගලන්තයේ ඇති "කවුන්ටි්‍ර කවුන්සිල්" ක්‍රමය මෙහි ඇති කිරීමට අපි පියවර ගැනීමට සූදානම්.

Tell a Friend