පොලිසියේ තවත් වහල් හිංසනයක්

රතු ඉරද පනින තුරු බී අරක්කු බෝතල් 15 ක් ද රැුගෙන ශ්‍රීපාද කන්ද නැඟීමට ගිය හැටක තරුණ නඩයකට වෙරි හිඳෙනතුරු නාවලපිටිය පොලිසිය ඉදිරිපිට දන ගසාගෙන සිටීමට සිදුවිය. වෑන් දෙකකින් හා බසයකින් පොල්ගහවෙල සිට ගිය මේ පිරිස ගැමියන්ගේ පහරදීමෙන් බේරා ගැනීමටද පොලිසිය සමත්විය.

හිමි නමක්ද හමුදාවේ බව කියන පිරිසක් ද එහි සිටි බව කියති. මත්පැන් බෝතල බිම ගසා විනීතව ගමන යන බවට පොලිස් ස්ථානාධිපති උදය වික‍්‍රමසේකර මහතාට පොරොන්දුවක්ද දී ඔවුහු වන්දනා ගමන ගියහ.