තෙල් සංස්ථාව අහෝසි කොට ගෙවීම් පැහැර හැරීමේ උත්සහයයක් පවතීද?


අනුර දිසානායක



ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට වසර කිහිපයකට ඉහතදී ඛනිජ තෙල් මිල ස්ථාවරව පවත්වාගෙන යාම ස`දහා යැයි පවසමින් එළැඹි හෙජින් ගිවිසුම මේ වන විට රට තුළ මහත් ආන්දෝලනයට තුඩු දී ඇති බැවින් ඒ පිළිබ`දව මෙම ගරු සභාවේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.

2006 වසර වන විට ලෝක වෙළ`දපොළේ තෙල් මිල අනපේක්ෂිත ලෙස ඉහළ යන ලදී. එම අවස්ථාවේ තෙල් මිල ස්ථාවරව පවත්වා ගැනීම ස`දහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදේශීය හා දේශීය බැංකු කිහිපයක් සම`ග හෙජින් ගිවිසුම් ස`දහා එළැඹි බව ජනමාධ්‍ය මගින් වාර්ථා විය. ප්‍රථමයෙන් එම ගිවිසුම් මගින් කුඩා ලාභ ප්‍රතිශතයක් ලැබූ බව ප්‍රකාශ වුවත් පසු කාලීනව විශාල පාඩු වි`දීමට සිදු විය. මෙම ගිවිසුම්වලට එළැඹීමේදී සිදු කරන ලද දූෂණ හා වගකීම් විරහිතභාවය හේතුවෙන් 2008 වසරේ අගභාගයේ සිට තෙල් මිල පහත වැටීමත් සම`ග තෙල් සංස්ථාවට විශාල මුදලක් එම බැංකු වෙත ගෙවීමට සිදුවිය. එම ගිවිසුම් වලට අදාළ තෙල් සංස්ථාව තෙල් මිලදී නොගත්තත් අඩුවන තෙල් මිලට සාපේක්ෂව විශාල මුදලක් එම බැංකු වලට ගෙවීමට සිදුවිය. මේ හේතුවෙන් මේ වන විටත් විශාල මුදලක් එම බැංකු වෙත ගෙවා ඇති අතර 2008 වසර අගභාගය වන විට එම ගිවිසුම් වලින් තෙල් සංස්ථාව ඒකපාර්ශ්වික ලෙස ඉවත්ව ඇති බව වාර්ථා වේ.

ලෝක වෙළ`දපොළේ තෙල් මිල පහතයාමත් සම`ග ඇතිවන තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවට නොලැබීමේ හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම ගිවිසුම තාවකාලිකව අත්හිටුවා තෙල් මිල අඩු කිරීමට නියෝග කරන ලදී. එහෙත් එම නියෝගයන් රජය විසින් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් අධිකරණය එම නියෝගයන් නැවත කැ`දවන ලදී. රජය ඒ වන විට ප්‍රකාශ කළේ අදාල බැංකු වෙත මෙම ගෙවීම් නොකරන බවටත් අදාළ බැංකු සමග අධිකරණ ක්‍රියාමාර්ගවලට එළැඹෙන බවත්ය. එහෙත් සිදු වූයේ එම බැංකු විසින් රජයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග වෙතට අවතීර්ණ වීමයි. එවිට රජය ප්‍රකාශ කළේ එම බැංකු සමග බේරුම් කරගැනීමේ සාක්ච්ඡා පවත්වන බවයි. මේ වන විට වාර්ථා වන්නේ ඉන් බැංකු කිහිපයක් සමග සාකච්ඡා අවසන්ව අති විශාල මුදලක් ගෙවීමට රජය එක`ග වී ඇති බවයි. ගිය වසරේ රුපියල් බිලියන 23කට අධික පාඩුවක් ලබා ඇති තෙල් සංස්ථාව මෙම මුදල් ගෙවන්නේ කෙසේද යන්න පැන නගින ගැටළුවයි. මෙම මුදල තෙල් සංස්ථාවට කිසිසේත්ම ගෙවීමට නොහැකිවා පමණක් නොව මෙම මුදල් රටින් පිටට ගලා ගියහොත් සමස්ථ ආර්ථීකයටම විශාල බලපෑමක් ඇති කරයි. එහෙයින් මේ තත්වය තුළින් පැන නගින පහත ගැටළු වලට ගරු ඇමතිතුමා මෙම සභාවට පැළිතුරු සපයනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

01. ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව හෙජින් ගිවිසුම්වලට එළැඹීමට තීරණය කළේ ඇයි?

02. මේ ස`දහා අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් කවුරුන් විසින් ඉදිරිපත් කරන ලද්දේද?

03. මෙම ගිවිසුම්වලට එළැඹීමට පෙර යම්කිසි අධ්‍යයනයක් කළේද? කළේනම් ඒ කවර අයගෙන් සමන්විත කමිටුවක් විසින්ද?

04. එම කමිටුව විසින් ලබාදෙන ලද නිර්දේශයන් කවරේද? එම නිර්දේශ ස`දහා කැබිනට් අනුමැතිය ලබාගත්තේද?

05. තෙල් සංස්ථාව මෙම ගිවිසුම්වලට එළැඹියේ කුමන බැංකු සමගද? ඒවායේ ස්වභාවය හා කොපමණ කාළයකටද? කොපමණ තෙල් ප්‍රමාණයකටද? කොපමණ මිල ගණන්වලටද යන්න වෙන වෙනම ස`දහන් කරන්නේද?

06. එම ගිවිසුම්වලින් තෙල් සංස්ථාව ඉවත් වූයේ කවදාද? ඒ ස`දහා කවර නිර්දේශයන් උපයෝගී කරගත්තේද?

07. එම ඉවත්වීම හෝ ගෙවීම් පැහැර හැරීම නිසා තෙල් සංස්ථාවට විරුද්ධව දේශීය හෝ වෙනත් රටක හෝ නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත්ද? එම නීතිමය ක්‍රියාමාර්ගවලට මැදිහත්වීම ස`දහා කවර නීතීඥ කණ්ඩායමක් ඉදිරිපත් වූයේද? එම නීතිඥයන් වෙනුවෙන් ගෙවන ලද නීතීඥ ගාස්තු හා අනෙකුත් ගාස්තු මොනවාද?

08. මේ වන විට යම්කිසි බැංකුවක් සම`ග හෝ බැංකු සම`ග බේරුම්කාර සාකච්ඡා අවසන් කොට ඇත්ද? එසේ නම් එම බැංකු කවරේද? ගෙවීමට සිදුවී ඇති මුදල හා පොළිය කොපමණද? එය කවර කාලයක් තුළ ගෙවා නිම කළ යුතුද?

09. එක් එක් බැංකුව විසින් ගෙවීමට ඇතැයි තෙල් සංස්ථාවට දන්වා ඇති මුදල් ප්‍රමාණයන් වෙන් වෙන්ව කොපමණද?

10. එම මුදල් ගෙවීමට රජයේ වැඩපිළිවෙල කුමක්ද?

11. තෙල් සංස්ථාව අහෝසි කොට ගෙවීම් පැහැර හැරීමේ උත්සහයයක් පවතීද?

Tell a Friend