උද්දමනය ඉහලට වවාගෙන කමු.

මහා බැංකුව කුමක් කිවත් පෙබරවාරි මාසයේදීද උද්දමනය ඉහල ගොස් ඇත. මෙය මාස විසි පහක් තිස්සේ සිදු වූ දෙයකි. ජනවාරි සහ පෙබරවාරි ගංවතුර නිසා මිලියනයක ජනතාව අවතැන් වූ අතර පනහක් පමණ මරමුවට පත්විය. වී වගාව ඇතුළු කෘෂි කර්මාන්තයටද බලවත් හානි සිදු විය.

අද සිරගතව සිටින සරත් පොන්සේකා ආශ්චර්ය හම්බන්තොටට පමණක් බවත් අනෙක් ප්‍රදේශ වල පුද්ගලයින් පොල් කඩාගෙන එළවලු වවාගෙන සහ මාළු මරාගෙන කෑ යුතු බව ප්‍රකාශ කළේය.

සියල්ල සිදුවෙද්දී අල්ලස දුෂණය සහ නාස්තිය ඉහල ගොස් ඇත. පන්නිපිටිය දර්මපාල විදුහලේ පිහිනුම් තටාකය අද විවුර්ත විය. ඒ උත්සවයට වියදම් කල මුදල රුපියල් ලක්ෂ විස්සකි.

සාමාන්‍ය මිනිස්සු වවාගෙන කන කොට පාලකයින් ජගුවාර් වල යමින් රටම වවාගෙන කති.

හර්ෂි. සි. පෙරේරා