චම්පක රණවක හා වාර්ගික දේශපාලනය

චම්පකගේ දේශපාලන මෙන්ම පෞද්ගලික ජීවිතය ගැන දන්නා කෙනෙකු ලෙස ඔහු තුළ වර්ධනය වූ පෞර්ෂයේ වෙනස්කම් මම දුටුවෙමි. 2008 - 2009 කාලය තුළ ඔහු දැඩි ලෙස බිරිඳට සහ දරුවන්ට පහර දෙන මට්ටමට පත්වී තිබුණි. ඔහු බිරිඳට පීඩා කළේ පරපීඩක ගති ලක්ෂණ පෙන්නුම් කරමිනි. මේ නිසා 1988 මස් මඩුවේදී චම්පක රණවක නමැති සංවේදී පුද්ගලයා මියගිය බව මම විශ්වාස කරමි.


අමිල ගුණරත්න විසිනි

ශ්‍රී ලංකා ගාඩියන් පුවත් පතේ චම්පක රණවක මහතාගේ දේශපාලන දර්ශනය පිලිබඳව පලවූ ලිපියට යමක් එකතු කිරීමට මම අදහස් කරමි.

චම්පක රණවක මහතා දේශපාලනයට අවතීර්ණ වන්නේ 1988 ජවිපෙ ගල්කටස් දේශපාලනය හරහාය. භීෂණ සමයේදී ඔහු පල්ලියක සැගවී සිටි අතර පසුව හමුදාව විසින් අත් අඩංගුවට ගන්න ලදී. වදකාගාරයකදී ජීවිතය අහඹු ලෙස බේරා ගන්න ගන්නා ඔහු පසුව යලි දේශපාලනයට එන්නේ සිංහල ජාතිවාදය කර පින්න ගනිමිනි.

ඉහල මැද පන්තියේ ඉංග්‍රීසි කතා කරන සිංහල ජාතිවාදියෙකු වූ එස් එල් ගුණසේකර සමග සන්ධාන ගතවන ඔහු දුනු ඊතල පක්ෂය හරහා චන්දයකට ඉදිරිපත් වන නමුදු ලැබූ එකම අසනයටද මරා ගන්න තත්වයක් ඇති වීමෙන් පක්ෂ අර්බුදයකට මුහුණ දෙති. පක්ෂයේ ප්‍රධාන අනුග්‍රහයෙකු වූ තිලක් කරුණාරත්න ද පක්ෂයෙන් ඉවත් වන අතර ඉතිහාසයේ කුණු කුඩයට වැටීමට ඔන්න මෙන්න කියා තිබියදී ඔහුට අත්වැලක් වන්නේ සෝම හාමුදුරුවන්ය.

සෝම හිමියන් ලංකාවේ බුද්ධාගමේ පුනරුදයක් මෙන්ම බුදුදහමට හානියක්ද කල යතිවරයෙකි. සෝම හිමියන් නිසා නාගරික ප්‍රදේශ වල බුදුදහම කෙරෙහි ආකර්ශනයක් හට ගත්තද බුදුදහම පසෙකලා අන්තවාදය පටලවා ගැනීමෙන් සෝම හිමියන් ඉතිහාසික වරදක් කළේය.

ඉසිපතන විද්‍යාලයේ අට වසර දක්වා උගත් සෝමරත්න තරුණයා මහන වීමෙන් පසු ගංගොඩවිල සෝම නමින් ප්‍රසිද්ධ විය. සෝම හිමියන්ට දේශපාලනයට අවතීර්ණ වීමේ තදබල අවශ්‍යතාවක් තිබුණි. තමාට ලංකාවේ ජනාධිපති වීමට අවශ්‍ය බව වරක් සෝම හිමියන් වජිරාරාමයේ දී පවසා ඇත. එසේම රූපාවාහිනියෙන් බන දේශනාවක් කරමින් අනාගතයේදී සදාචාරවත් දේශපාලන නායකත්වයක් සඳහා තමන් ඇප වන බවද පැවසීය. පාසල් අධ්‍යාපනයේ ඉහල යාමට නොහැකි වූ නිසා ආචාර්ය උපාධියට ආශාවෙන් රුසියාවට ගිය සෝම හිමියන් එහිදී අපවත් වෙයි. ආචාර්ය උපාධියක් ලැබීමට සෝම හිමියන් විසින් ලියන ලද බෞද්ධ ස්තුප පොත ඉවහල් වූ බව කීවද එම පොත පරියේෂණ ග්‍රන්ථයක් නොවේ. එම නිසා සෝම හිමියන්ගේ අනු දැනුමෙන් සහ උවමනාවෙන් ගිය ගමන කෙළෙවර වන්නේ දියවැඩියාව උග්‍රව හටගත් හර්ධ අබාධයකිනි.

සෝම හිමියනේගේ අපවත්වීම නිසා හට ගන්න කුමන්ත්‍රණන්‍යායෙන් උපරිම පල නෙලා ගන්නේ චම්පක රණවක ඇතුළු හෙළ උරුමයේ භික්ෂුන්ය. සෝම හිමියන් ගේ අපවත්වීම නිසා හටගත් ජන රැල්ල චන්ද බවට පත් කිරීමට ඔවුන්ට හැකිවේ. පාරමිතා පුරන බව කියමින් පාර්ලිමේන්තු ගියද අවසනයේ දී හෙළ උරුමයේ භික්ෂුන් ලංකාවේ අවශේෂ ජනතා නියෝජිතයන් මෙන් හැන්ද අතට ගනිති. ඉන්පසු සිදු වන්නේ විපරීත සමුහයකි. පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද යටතේ ලබාගත් බෙන්ස් වාහන විකිණීමේ අක්‍රමිකතා, කාම භෝගී අසපු සදා ගනිමින් ඩොලර් ගනුදෙනු කිරීම වැනි ක්‍රියා කරමින් දුෂණයේ ගිලෙමින් සිටිති. සෝම හිමියන් වැපිරූ ජාතිවාදී ආගම්වාදී කෙතේ පිනුම් ගසමින් පල්ලි ගිනි තැබීම වැනි ක්‍රියා කරමින් සාසන විලෝප කරති.

අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සාපේක්ෂව චම්පක රණවකට හොඳ දැනුමක් තිබේ. ඔහු පොතපත කියවයි. යම්කිසි දර්ශනයක් ගොඩ නගා ගැනීමට හැකියාවක් තිබෙන පුද්ගලයෙකි. පබාලා වැනි හය හතර නොදන්නා මන්ත්‍රීවරු , මර්වින් වැනි මැරකම මිසක් උගත්කමක් නැති චරිත වලින් පිරී තිබෙන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ චම්පකට උගත් දක්ෂ ක්‍රියාශීලී දේශපාලන නායකයෙක් , ජාතික නායකයෙක් වීමට ඉඩ ප්‍රස්ථාව තිබුණි. නමුත් ඔහු කරපින්නාගත් වාර්ගික දේශපාලනය පිළිකාවක් මෙන් ඔහුව විනාශ කළේය.

දේශපාලන ජීවිතයේදී මෙන්ම පෞද්ගලික ජීවිතයේදී ද අන්තවාදය විසින් ඔහුව නරුම චරිතයක් බවට පත් කරන ලදී. මේ සඳහා වදකාගාරයේදී චම්පක ලැබූ ක්ෂිතිමය අත්දැකීම් බලපෑමක් ඇති කලේද යන්න පිළිබඳව මට සැකයක් තිබේ. ක්ෂිතිමය අත්දැකීම් නිසා පෞර්ෂයේ වෙනස්කම් ඇතිවීම මෙන්ම පුද්ගලයා තුල අන්තවාදී ආකල්ප මතුවීම ගැන වෛද්‍ය රුවන් එම් ජයතුංග මහතා විසින් ලියන ලද Psychological effects of Torture සහ The Psychological Impact of Political Violence in Sri Lanka යන ලිපි වල දැක්වේ. එම ලිපියේ එක තැනක මෙසේ සඳහන්වේ


Political extremism in Sri Lanka has vivid faces and the extremism is often masqueraded by using national feelings or religious ideology. Political extremist is one who advocates or resorts to measures beyond the norm, especially in politics. His antisocial components are often concealed and it can emerge when the time and situation is favorable. The political extremists often try to create a homogeneous society that is based on religion or ethnic group.

What is the deep psychology beneath creating a homogeneous society disregarding the multi ethnicity or multi religious spectrum? This indicates the sadistic homosexual instincts inside the extremist’s mind. This feature was evident in Adolf Hitler’s mind. Hitler took every effort to create a homogeneous society in Germany. Hitler believed that the Aryan race were supreme to other races and did not have any racial tolerance. His extremism was connected with the libidinous instincts. According to Henry Murray a prominent personality specialist at Harvard University, Hitler was confused about his sexuality. -(The Psychological Impact of Political Violence in Sri – Dr Ruwan M Jayatunge)

චම්පකගේ දේශපාලන මෙන්ම පෞද්ගලික ජීවිතය ගැන දන්නා කෙනෙකු ලෙස ඔහු තුළ වර්ධනය වූ පෞර්ෂයේ වෙනස්කම් මම දුටුවෙමි. 2008 - 2009 කාලය තුළ ඔහු දැඩි ලෙස බිරිඳට සහ දරුවන්ට පහර දෙන මට්ටමට පත්වී තිබුණි. ඔහු බිරිඳට පීඩා කළේ පරපීඩක ගති ලක්ෂණ පෙන්නුම් කරමිනි. මේ නිසා 1988 මස් මඩුවේදී චම්පක රණවක නමැති සංවේදී පුද්ගලයා මියගිය බව මම විශ්වාස කරමි. එහෙත් යලිත් 1988 ට පෙර සිටි සංවේදී පුද්ගලයා බවට පත් වීමට චම්පකට හැකි වුවහොත් සහ ජාතිවාදය ආගම්වාදය අතහැර අලුත් දේශපාලන මර්ගයකට සම්ප්‍රාප්ත වීමට හැකියාව ලබුනොහොත් චම්පක රණවක නමැති දේශපාලඥයා ලාංකික දේශපාලනයේ නව පිටුවක් පෙරලනු ඇත.

Tell a Friend