ජෝර්ජ් විලී සහ ආරියරත්න ලෝකය දකින දෙවිදිහ

සුනිල් ආරියරත්න කියන හැටියට මහින්ද රාජජපක්ෂ වූ කලි සහිතය වීරකාව්‍ය වල වීර චරිතය නිරුපණය කිරීමට හැකි ලක්ෂණ වලින් හෙබි නායකයෙකයෙකි. මෙම කියමෙන් පෙනී යන්නේ සුනිල් ආරියරත්න මහාචාර්ය පට්ටම් ලැබුවන් අතර සිටින මෝඩයෙකු බවය. ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇමෙරිකාවට ගිය අවස්ථාවකදී වීර චරිත පිලිබඳ මතකයක් ඔහුට කියා දුන්නේ ඇමෙරිකාවේ දැන් සිටින සුප්‍රසිද්ද නීතිඥයෙකු වන උපතින් ලාංකීය දෙමල ජාතිකයෙකු වන ජෝර්ජ්ය. ගැමුණු චරිතය මතක් කරමින් ඔහු ජනාධිපතිවරයාගේ මුහුණටම කියා සිටියේ යුද්ධයේදී මරණයට පත් වූ තම ප්‍රතිවාදියා වූ එළාරට ගරු කරමින් එම ප්‍රතිවාදියාගේ මතකය අනාගතයට පවත්වාගෙන යාමටත් එතුමා වෙනුවෙන් ගොඩ නැගු ස්මාරකය පසු කර යන්නන් එතුමාට හිස නමා ගරු කර යන ආකාරයට සලස්වමින් ගැමුණු නම වීරාවලියට එකතු වූ ආකාරයයි. ජනාධිපති රාජපක්ෂ ජයග්‍රහණය ලබා ගැනීමේ මුල් පියවර ලෙස ගත්තෙම යුද්ධය මෙහෙය වූ සෙන්පතිවරයා හිරේ දැමීමෙනි. මෙවැනි වීර ක්‍රියාවක් සුනිල් ආරියරත්න කියවා ඇත්තේ කුමන නම් සාහිත්‍ය පොතකද?

ජෝර්ජ් විලි මහින්ද රාජපක්ෂට කියා සිටියේ වීර වරයෙකු ලෙස අනාගතයේ මතකයට යාමට නම් දෙමළ ජාතිකයින්ට පාරාදීසයක් පැවති ඔවුන් ජීවත් වූ උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශයන් නැවත පැවති තත්වයට පත් කළහොත් පමණක් ඔහුට වීරයකු විය හැකි බවය. දෙමළ ජනයා තම බාසාවට ඇති අදාරය තේරුම් ගෙන එම බසට ලැබිය යුතු තැන ලබා දුන්නේ නම් ඔහු වීරයෙකු වන බවය. කලක් යාපනයේ උප කථිකාචාර්ය වරයෙකු වශයෙන් සිටි සුනිල් අරියරතන්ට ගොර්ජ් විලී ගේ එම කතාව තේරුම් ගැනීම අමාරු විය නොහැකිය.

ප්‍රගීත් එකනාලිගොඩ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ක්‍රියාකර ඇත්තේ වීරවරයෙකු වශයෙන් යයි සුනිල් අරියරත්නට කිව හැක්කේ කුමන සාහිත්‍යක් පදනම් කරගෙනද? තමන් රජ කරන රාජ්‍යයේ ජනතාව අතුරුදහන් වීම් වලට ගොදුරු වීම් වලට භාජනය කරන හෝ එසේ භාජනය වීම් ඉදිරියේ නිහඬව සිටින පාලකයෙකු වීරයෙකු ලෙස සඳහන් කර ඇත්තේ කුමන නම් සාහිත්‍යකද?

අප දන්නා සාහිත්‍ය කෘතිවල නම් වීරයා සෑම අවස්ථාවකදීම මහත්මා ගුණයෙන් හෙබියේය. නීච කම සහ දීන කම වීර චරිතය සහ නොගැලපේ. එමෙන්ම අමු අමුවෙම් බොරු කීමද වීර චරිත වලට ගැලපෙන ගුණාංගයක් වශයෙන් සම්බාව්‍ය සාහිත්‍යනම් සඳහන් නොවේ.

සුනිල් අරියරත්නට සම්බාව්‍ය සාහිත්‍ය අමතකවීම පුදුමයක් නොවේ. දැන් කාලයේ විශ්ව විදයලයකේ මහාචාර්ය ධූරයක් දරා ගෙන පණ බේරාගෙන සිටීම අමාරු කාර්යකි. බුද්ධිමතුන් විනාශ කර දමන සමාජයක පැවැත්ම සඳහා ප්‍රසස්ති ගායනයේ යෙදීම තේරුම් ගැනීමට අමාරු ගති පවතුමක් නොවේ.

අතීතයේනම් සුනිල් අරියරත්න වීරයන් ලෙස දැක්කේ, යමින් විලංගුල වැඩ හිංසාවට පත් කරන ලද තරුණයින්ය; අහෝ බුද්ධිය විකුර්ති වන අයුරු.....




විද්‍යොදයේ නිර්මාතෘ සෝරත හිමියොත් මේවා බලා කම්පාවනවා ඇත.

Tell a Friend