අපරාධ යුක්තිය සාමාන්‍යය ජනයාට වින කරයි. කළ යුත්තේ කුමක්ද ?

මේ ඡයාරූපයේ වැතිර සිටින අචලා සිය සැමියාගේ අමානුෂික ප‍්‍රචණ්ඩත්වයට ලක්වූ තැනැත්තියකි.ඇගේ සැමියා රත්වූ විදුලි ස්ත‍්‍රික්කයක් ගෙන ඇගේ සිරුරේ ඉනෙන් පහළ රහස් ප‍්‍රදේශ පිළුස්සූ බවත් පසුව මිරිස් දියකර පහර දුන් බවත් ඇය කියනවා. මින් මාස දෙකකට පමණ පෙර ඔහු ඇගේ දකුණු අත කඩා දැමූ තුවාල තවමත් සුවවී නැති අතර ඒ අවස්ථාවේ ඔහු ඇගේ පිටේ ලෑල්ලක් තබා ඇණ ගැසූ බවද ඇය කියනවා.

ලංකාවෙි දිනෙන් දින අපරාධ ඉහළයාම පමණක් නොව එම අපරාධ සිදුකරන තිරිසන් ස්වභාවයද ඉහත උදාහරණයෙන් මනාව පිළිබිඔු වෙනවා.


අපරාධ වැළක්විමට සහ අපරාධකරුවන්ට දඩුවමි පැමිණවිමට පවතින ආයතන සහ නීතිය ප‍්‍රමාණවත්. අපේ නීති ඉතා හොදින් පොත් වල සටහන් වෙලා තියෙනවා. නමුත් ප‍්‍රයෝගිකව සිදුවන්නේ කුමක්ද?

63 වන නිදහස් දින මවක් පැමිණිලි කළේ දොඩංගොඩ පොලිසිය රුපියල් 10000කට තම ආබාධිත දියණියව දුෂණය කළ පුද්ගලයා සමග සමථවිමට කටයුතු කළ බවයි. නමුත් මාධ්‍යය මගින් මෙය හෙළිදරවි වු වහාම එම රුපියල් 10000 එම මවගෙන් ලබාගත් පොලිසිය පරික්ෂණ ආරමිභ කළ බවටද තොරතුරු ලැබෙමින් පවතිනවා.

අපරාධ වැළැක්විමෙිදි පොලිසිියට සහ නඩු පවරන්නාට එනමි නීතිපතිට සුවිශේෂි කාර්යබාරයක් පැවරි තිබෙනවා. නමුත් ප‍්‍රබල දේශපාලනඥයෙකු චුදිතයෙකු වු නාමිපමුණුව නඩුවෙි වැදගත්ම චෝදනා නීතිපති ඉවත් කර ගත්තා. මෙික ඉතාම බරපතල එමෙන්ම පිළිිකුල් සහගත තත්වයක්. තවද මෙම නඩුවෙි ජුරි සභිකයින්ට මරණ තර්ජන එල්ල වු බවත් වාර්තා වුනා. නඩු පවරන්නාගේ භුමිකාව අපරාධකරුවන් බෙිරා ගැනිම වුවිට එයින් අවාසි වන්නේ ඇති හැකි අයට නෙමෙයි නැති බැරි අයට.

අපරාධකරුවන් පුනුරුත්තාපනය සදහා රැුදවුමි මධ්‍යයස්ථාන අවශ්‍යය ප‍්‍රමාණයටත් වැඩිය ලංකාවෙි තියෙනවා. ඒත් මෙම බන්ධනාගාරවල 60%කට වඩා සිටින්නේ සැකකරුවන්. මොවුන්ව නඩුත්තු කිරිමට විශාල මුදලක් වැය වෙනවා. මෙි සැකකරුවන් අතර පොලිසියේ බොරු නඩු දැමිමට ගොදුරු වු පුද්ගලයින් රැුසැක් සිටිනවා. බන්ධනාගාර තුළ පරිපාලනය ඉතා ශෝචනිය තත්වයකට ඇද වැටිලා. නිතිවිරෝධි ක‍්‍රීයා සිදුනොවන බන්ධනාගාරයක් සොයා ගැනිම ඉතාම අසිරු දෙයක්. බන්ධනාගාරය අපරාධ උගන්වන පාසැලක් හා සමානයි.

පොලිසිය, නඩු පවරන්නා සහ බන්ධනාගාරය දුෂණ වලින් පිරිලා. මෙිවයේ සිටින අය දේශපාලන වාසි තකා ඔිනෑම විලිලැජ්ජා නැති වැඩක් කරන්න සුදානමි. මෙි ආයතන වලට සමිබන්ධ වෘත්තිකයින් ඉහළ සහ පහළ මටිටමි වල නිළධාරින් සහ සේවකයින් මෙම දුෂිත ක‍්‍රීයා වලින් අඩු වැඩි වශයෙන් වරප‍්‍රසාද ලබනවා.

මෙි තත්වය වෙනස් කළ යුතුයි. මෙි ශෝචනිය තත්වයෙන් පිඩා විදින්නේ යමක් කමක් කරගත නොහැකි ජනතාව. පොලිසිය ගහන්නේ බනින්නේ දුප්පත් අයට කියලා අපිි දන්නවා. ඒ වගේම අපට පැහැදිලියි නිතිපති චෝදනා හලන්නේ දුප්පත් අයව තවත් පිඩාවට පත්කරන්න කියලා. සමාජයේ දුර්වල කොටස් වලට යුක්තිය අහිමිවිම තරමි ඔවුන්ව දුර්වල කරන තවත් දෙයක් නොමැති තරමි. හැබැයි මෙි තත්වය වෙනස් කරන්න පුලුවන් වෙන්නෙත් මෙම පිරිසටම පමණයි. ඒ නිසා මානව හිමිකමි, යුක්තිදාමයට සම ප‍්‍රවෙිශයක් ගැන බෙරිහන් දෙන සිවිල් සමාජය මෙම සාමාන්‍යය ජනතාව බලගැන්විමට කටයුතු කළ යුතුයි. අපරාධ අවම කරන අපරාධ යුක්තිය පසිදලිමක් සදහා සාමාන්‍යය ජනතාවට අන් සියලු දෙනාටම වඩා ප‍්‍රබල හඩක් නැගිය හැකියි.
 හර්ෂි සී. පෙරේරා