නීතිපති අසාර්ථකයි

හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාගේ පාර්ලිමේන්තු ආසනය අහිමිකිරීමට එරෙහි නඩු විභාගය මැයි හතර පහ සහ නව වැනිදා පැවැත්වීමට අභියාචනාධිකරණයේ රංජිත් සිල්වා, ඒ.ඩබ්ලිව්.ඒ. සලාම් හා උපාලි අබේරත්න යන විනිසුරුවරු අද තීරණය කළහ.

මේ නඩුව විභාගයට ගැනීමට එරෙහිව නීතිපති විසින් ඉදිරිපත් කැරුණු විරෝධතා ඉවත දැමූ අධිකරණය කියා සිටියේ එම විරෝධතාවලට කිසිම නීතිමය පදනමක් නැති බවයි.