ඊජිප්තු හමුදාව විරෝධකරුවන්ගේ ඉල්ලිමි ඉටු කළ යුතුයි

ඊජිප්තුව හමුදාව පාර්ලිමෙින්තුව විසුරුවා හැර ආණ්ඩු ක‍්‍ර‍්‍රම ව්‍යවස්ථාවද තහනමි කර ඇත. මෙය සිදුවුයේ ජනතා කැරැුල්ලෙන් දින දෙකකට පසුව දිර්ඝ කාලයක් රටෙි ජනාධිපතිවරයාව සිටි හොස්නි මුබාරක් සිය තනතුරෙන් ඉවත් විමෙන් පසුවය.

තමන් අලුත් ආණ්ඩුවක් පිහිටවන තෙක් මාස සයක කාලයක් රට පාලනය කරන බව ඒරට හමුදාවෙි උත්තරිතර සභාව ඉරිදා ප‍්‍රකාශයට පත් කළේය.

කයිරෝහි අල් ජසීරා වාර්තාකරු ජේමිස් බෙයිස් පවසන්නේ දැන් රටෙි සමිපුර්ණ බලය හමුදා සභාව සතුව ඇති බවයි.

තවද තමන් පාලනය කරන්නේ තාවකාලික පදනමක් යටතේ බව පවසන හමුදාව මාස 06කට පසු හෝ මැතිවරණයක් පැවැත් ්වුවහොත් ඊට පෙරද බලයෙන් ඉවත් වන බව නිවෙිදනයක් මගින් ප‍්‍රකාශ කර ඇත.

අපේ වාර්තාකරු ප‍්‍රකාශ කරන ආකාරයට හමුදාවෙි මෙම ප‍්‍රකාශය තුළින් විරෝධකරුවන්ගේ ඉල්ලිමක් වු හදිසි නීතිය අවලංගු කිරිමට අවධානය යෝමු විි නැත. විරෝධතාව සංවිධානය කළ අය ඉදිරිපත් කළ ඉල්ලිමි දෙක වුයේ පාර්ලිමෙින්තුව විසුරුවා හැරිම සහ අවුරුදු 30ක් පැරණි හදිසි නීතිය අවලංගු කිරිමයි.

විරෝධකරුවන් සමහරක් හාරිරි චතුරස‍්‍රයේ රැදි සිටිති. පොලිසියේ නිළධාරින් සැලකියයුතු පිරිසක් චතුරස‍්‍රයට පැමිණ ජනතා නැගි සිටිමට සිය ප‍්‍රිතිය ප‍්‍රකාශ කිරිමට උත්සාහ කළ අවස්ථාවෙි විරෝධකරුවන් විසින් ඔවුන්ව පලවා හරිිනු ලැබිණි. ඔවුන් පොලිසියට දශක ගණනාවක් තිස්සේ අත්තනොමතික ලෙස අත්අඩංගුවට ගැනිමි, වධහිංසා පැමිණවිම, කප්පමි ගැනිම මෙන්ම ජනතා කැරැල්ල මැඩලිමට දැරු ප‍්‍රයත්නයේදි සිය ගණනක් මරා දැමිම ගැනද චොදනා කළහ.

විරෝධතා සංවිධායකයකු වන සාවාටි හෙගාසි ප‍්‍රකාශ කළේ හමුදාව අපේ ඉල්ලිමි ඉටු නොකලහොත් අපේ කැරලි ගැසිම තවදුරටත් ශත්තිමත් වන බවයි.


අල් ජසීරා ඇසුරෙන්
හර්ෂි සී. පෙරේරා