දයාසිරිගෙන් මාධ්‍යය ඇමතිට දිනමිණ කොන්ඩමය ගැන ප‍්‍රශ්නයක්

‘ලංකා ඊ නිව්ස්’ ආයතනයේ සියල්ල ගින්නට හසුවී විනාශ වී තිබෙද්දී ආණ්ඩුවේ ‘දිනමිණ’ පුවත්පත පවසන පරිදි නොපිලිස්සී ඉතිරිවී තිබූ කොන්ඩම් වර්ගය හා කාන්තා යට ඇඳුම් වර්ගය කුමක්දැයි තමා ආණ්ඩු මාධ්‍ය ඇමැතිවරයාගෙන් හා මැති ඇමැතිවරුන්ගෙන් ප‍්‍රශ්න කරන බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා ප‍්‍රකාශ කළේය.

ජයසේකර මහතා එසේ පැවසුවේ ‘ලංකා ඊ නිව්ස්’ කාර්යාලය ගිනි තැබීමට විරුද්ධව මාධ්‍ය සංවිධාන එකතුව විසින් කොළඹ ලිප්ටන් වටරවුමේදී ඊයේ (01* පැවැති උද්ඝෝෂණයට සහභාගි වෙමිනි
ජයසේකර මන්ත‍්‍රීවරයා මෙසේද පැවැසීය.