මාධ්‍යය උද්ඝෝෂණය

වාරණයට එරෙහි මාධ්‍යවේදියෝ සංවිධානය සහ වෘත්තීය පත‍්‍රකලාවේදීන්ගේ සංගමය එක්ව අද දහවල් කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී උද්ඝෝෂණයක් පැවැත්වීය. මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ ඇතුරුදන් වී වසරක් ගත වීමත් සන්ඬේ ලීඩර් කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයේ පරීක්ෂණ ගැන රජයේ අවධානය යොමු කිරීමත් එහි අරමුණ විය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් වන විජිත හේරත්, ටිරාන් අලස්, මහත්වරු ද ඊට එක්වූහ.