Home worldview ටියුනිසියාවේ ආණ්ඩුව විසුරුවා හරියි
ටියුනිසියාවේ ආණ්ඩුව විසුරුවා හරියි
By Sri Lanka Guardian • January 14, 2011 • Tunisia worldview • Comments : 0
පොලිසිය සහ විරෝධතා කරුවන් අතර මතුවෙමින් පැවතී ගැටුම් කාරී තත්වය සමනය කිරීම සඳහා එරට ජනාධිපතිවරයා ආණ්ඩුව විසුරුවා හැරිය බව මීට ස්වල්ප වෙලාවකට පෙර එරට රාජ්‍ය මාධ්‍ය නිවේදනය කළේය. ඒ අනුව ජනධිපති සින් එල් බෙන් අලි කියා සිටියේ පවතින ගැටුම් කාරී තත්වය සමනය කිරීම සඳහා අදාළ තීරණය ගත් බවයි. තත්වය පිලිබඳ සඳහන් වාර්තා වලට අනුව ජනාධිපතිවරයා ඉදිරි මාස හය ඇතුලත මහා මැතිවරණයක් ප්‍රකාශ කිරීමටද නියමිතය. ආණ්ඩුව විසුරුවා හරින බව දැනුම් දෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ ප්‍රචණ්ඩත්වය නිමා කළ යුතු බවයි. දින ගණනක් පුරා පැවතී උද්ඝෝස්ඝනවලට පොලිසිය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් 21 දෙනෙකු මිය ගිය අතර තවත් විශාල පිරිසක් තුවාල ලැබුහ.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment