"උඹ හොද නඩු අහන්න නෙමේ. තණකොල කන්න. ගිහින් තණකොල කාපන්"


වසර හතරහමාරක් ඇප රහිතව සිටි සැකකරුවෙක් මහේස්ත්‍රාත්ට පවසයි

වසර හතරහමාරක් කිසිදු චෝදනා ගොනුකිරීමකින් තොරව ඇප ලබානොදී සිටි සැකකරුවෙක් පසුගිය දා පූගොඩ මහේස්ත්‍රාත් අරවින්ද පෙරේරා මහතා අමතා zzතමාට ඇප නොදෙන්නේ කවර කරුණක් නිසාදැයි"විමසා ඇති අතර ඊට මහේස්ත්‍රාත්වරයා පිලිතුරු නොදී නිහඩව සිටිද්දී සැකකරු නැවත වරක් "ඇයි මට විතරක් ඇප නොදෙන්නේ? මාත් එක්ක අල්ලපු හැම එකාම නිදහස් කරලා තියෙද්දී." යනුවෙන් ප්‍රකාශ කොට ඇති අතර එවිට මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කොට ඇත්තේ අධිකරන කටයුතු පිළිබදව තීරණය කරන්නේ තමාබවත්, ඒ බව ප්‍රශ්න කිරීමට කාටවත් අයිතියක් නැති බව පැවසූ විගසම උරනවී ඇති සැකකරුවා zzඋඹට වැඩ බැරිනම් පුලූවන් එකෙකෙ=ට දීලා බැහැලා පලයන්" යැයි පැවසූ විගසම කෝපයටපත් මහේස්ත්‍රාත්වරයා සැකකරුව අධිකරණයට අපහාස කිරීමේ වරදට එවෙලේම වසර 3කට බන්ධනාගාර ගතකොට තිබේ.

මේ පිළිබදව දැඩි ලෙස උරන වී ඇති සැකකරු zzඋඹ හොද නඩු අහන්න නෙමේ. තණකොල කන්න. ගිහින් තණකොල කාපන්ZZ යනුවෙන් පවසා ඇති අතර මේ සිද්ධිය දෙස මුලූ උසාවියම තුෂ්නිම්භූතව බලා සිට ඇත. සැකකරුගේ ප්‍රකාශයෙන් කෝපයටත් ලැජ්ජාවටත් පත් මහේස්ත්‍රාත් අරවින්ද පෙරේරා සැකකරුගේ කටට පහරදෙන ලෙස ෙජ්ලර්වරයෙකුට අණකොට පහරදීමට සලස්වා තිබේ.

පසුගිය දා පූගොඩ මහේස්ත්‍රාත් උසාවියේ සිදුවූ මෙම සිද්ධිය ඛ්බන් භැඅි උැඉ වෙත සැලකර සිටි ජ්‍යෙෂ්ඨ නීතිවේදියෙක් පවසා සිටියේ උගත් මහේස්ත්‍රාත්වරයාගේ නීතිය පිළිබද නොදන්නාකම මෙම සිද්ධියෙන් මැනවින් ප්‍රදර්ශනය වූ බවයි. ඒ පිළිබදව කරුණු විස්තර කළ නීතීඥවරයා පවසා සිටියේ අධිකරනයට අපහාස කිරීමේ වරදට දඩුවම් කළයුතු ආකාරය අපරාධ නඩුවිධාන සංග්‍රහයේ සහ අධිකරණ සංවිධාන පනතේ ප්‍රකාශිතවම දක්වා ඇති අතර ගරු මහේස්ත්‍රාත්වරයා තමන්ගේ නඩුව තමන්ම ඇසීමෙන් ස්වභාවික යුක්ති රීතිය මුලූමනින්ම උල්ලංඝනය කොට ඇති බවයි. එමෙන්ම සැකකරුවාට ෙජ්ලර්වරයෙකු ලවා විවෘත උසාවියේ පහරදීමෙන් මහේස්ත්‍රාත්වරයා සැකකරුට වඩා භාවාත්මක සහ ආවේගශීලී වීමෙන් ගරු නිලයට හානි පමුනුවා ගත්බවයි.

Tell a Friend