රංගේ ආණ්ඩුවට හේත්තු වෙයිද?

ව්‍යාජ වීසා සහිත රාජ්‍ය තාන්ත‍්‍රික විදේශ ගමන් බලපත‍්‍රයක් ඇතුළු විදේශ ගමන් බලපත‍්‍ර පහක් කොළඹ නෝර්වේ තානාපති කාර්යාලයට ඉදිරිපත් කළ බව කියන පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතාට (එජාප* එරෙහිව නීති මගින් පියවර නොගන්නා බව රහස් පොලිසිය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතාට දැනුම් දුන්නේය.

නීතිමය පියවර ගැනීමට ප‍්‍රමාණවත් සාක්කි නැති බව නීතිපති දන්වා ඇතැයි රහස් පොලිසිය කියා සිටියේය.

 2010.06.03 වැනි දින හෝ ඊට ආසන්න දිනක නෝර්වේ තානාපති කාර්යාලයේ වීසා නිලධාරී ට‍්‍රයිජිව් ගුන්ට්වෙඞ්ට් විසින් රහස් පොලිසියට කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ඇරැඹිණි.