සුදු කොඩි විඩියෝව ?

සුදුකොඩි කතාව සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා රත්නපුරයේ ජනපතිවරණ රැුස්වීමකදී 2009 දෙසැම්බර් 24 වැනිදා කළැයි කී කතාව ඇතුළත් වීඩියෝ පටය නැරඹීමට ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්චය මණ්ඩලය අද තීරණය කෙළේය.

යුද්ධයේ අවසන් දින වලදී හමුදාවට බාරවීමට එන කොටි නායකයන්ට වෙඩි තබන ලෙස ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවැසී යැයි සන්ඬේ ලීඩර් පත‍්‍රයේ පළවූ වාර්තාවක් සම්බන්ධයෙන් පොන්සේකාට එරෙහි මේ නඩුව දිපාලි විජේසුන්දර (සභාපති) මහත්මිය ඩබ්ලිව්.පී. බී. එම් වරාවැව හා එම්. ඉෂෙඞ් රසීන් මහත්වරු ඉදිරියේ විභාග වෙති.

දෙරණ රූපවාහිනියේ රත්නපුර වාර්තාකරු ගයාන් කාංචන කුඩාගම මුලින් පැවැසුයේ මුල් වීඩියෝ පටය නැති බවයි. එහෙත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් බුවනෙක අලූවිහාරේ මහතා පැවසුයේ එය ඉදිරිපත් කරන බවයි. පොන්සේකාගේ නීතිවේදී නලින් ලද්දුවහෙට්ටි මහතා කීවේ මෙම වීඩියෝ පටය සූක්ෂම ලෙස වෙනස් කැර ඇති බවයි. මුල් වීඩියෝවේ පිටපතක් තමා ළඟ ද ඇති හෙයින් උසාවියට ඉදිරිපත් කළ පිටපත සමග සසඳා බැලීමට කල්දෙන ලෙස ඔහු ඉල්ලීමක් කෙළේය. (ලංකාදිප)

Tell a Friend