මන්නාරම අගරදගුරු හමුදාවට චෝදනා නගයි

යුද්ධය නිමවී මාස 20ක් ගතවීමෙන් පසුත් උතුරු නැගෙනහිර ජනතාවගෙන් බහුතර පිරිසක් තමන් තවමත් හමුදා පාලනය යටතේ සිටින්නේයැයි කල්පනා කරන බව මන්නාරම අගරදගුරු රායප්පු ජොස්ප් පියනම උගත් පාඩමි හා ප‍්‍රතිසන්ධාන කොමිසම හමුවෙි පවසා තිබෙි.

කතෝලික පූජකවරුන් කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් එල්ටීටීඊ සම්බන්ධතා ඇතැයි පවසමින් තවමත් දහස් ගණනක් දෙමළ තරුණ තරුණියන් අධිකරණ කි‍්‍රයාමාර්ගයකින් තොරව කඳවුරුවල රඳවා තැබීම හා හමුවීමට ඥාතීන් හට ඉඩ නොදීමද දැඩි ලෙස විවේචනය කර ඇති අතර යුද්ධයෙන් මියගිය වුන් සැමරීමට සංවිධානය කරනු ලබන ආගමික උත්සව තහනම් කිරීමත්, හමුදාවන් විසින් සංවිධානය කරන උත්සව සඳහා ජනතාවට බලෙන් ආරාධනය කිරීමත් රායප්පු ජෝසප් පියනම මෙහිදී දැඩිව විවේචනය කර තිබේ.