ලසන්ත ඝාතනයේ පරික්ෂණ වලට බාධා කරිම ගැන චෝදනා


හර්ෂි සී.පෙරේරා 


දේශසීමා නොමැති මාධ්‍යවේදියෝ හෙවත් රිපෝටර්ස් විතවුටි බෝඩර්ස් ( RSF) මාධ්‍යය අයිතින් උදෙසා පෙනි සිටින සංවිධානයකි. වසර දෙදකකට  ( 2009 -01-08) පෙර ප‍්‍රවිණ මාධ්‍යයවෙිිදි ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කෙරිණි. ඒ පිළිබද විමර්ශන වලට සිදුකරන බාධාකිරිමි ගැන මෙම සංවිධානය ශ‍්‍රී ලංකා ආණ්ඩුවට දැඩිව චෝදනා කරයි.

ලසන්ත වික‍්‍රමතුංග මහතා ගවෙෂණාත්මක ප‍්‍රවෘත්ති පත‍්‍රයක් වු සන්ඩෙි ලිඩර් හි කතුවරයාව සිටිියේය. ඔහු සිය රාජකාරියට යමින් සිටියදි නාදුනන තුවක්කුකරුවන් විසින් මරා දමනු ලැබිණි.

මෙි වනතෙක් මෙි ඝාතනයට කිසිවෙකුටත් චෝදනා එල්ලකර නොමැත.

රිපොටර්ස් විතවුටි බෝඩර්ස් පවසන ආකාරයට ශ‍්‍රී ලංකා ආණ්ඩුව මෙම ඝාතනය සමිබන්ධයෙන් කිසිවක් කර නැත. ඒ වෙනුවට ඔවුන් සත්‍යය හෙළිදරවිවිම වැළැක්විමෙි ලා කටයුතු කරමින් සිටි යනුවෙන් එම සංවිධානය කියයි.
විමර්ශන වලට බාධා කරමින් අපරාධකරුවන්ට් නිදැල්ලේ සිටිමට ඉඩහරිමින් ඉතා උදාසින පිළිවෙතක් අනුගමනය කරන ආණ්ඩුව මෙම අපරාධයට සහය පල කරන්නේයයිි ඔවුන් වැඩිදුරටත් පවසයි.

ලසන්තගේ සොහොයුරු ලාල් වික‍්‍රමතුංග පවසන්නේ විමර්ශන වල කිසුදු ප‍්‍රගතියක් පෙන්නුමි නොකරන බවයි. ඔහු පවසන ආකාරයට මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුව 50 වාරයක් විභාග වි ඇත. එහෙත් අපරාධකරුවන් අත්අඩංගුවට ගැනිමෙහිලා කිසිදු හෝඩුවාවක් ඉදිරිපත්ව නැත.

මෙම නඩුව සමිබන්ධයෙන් ආණුඩුවට අවංකව කටයුතු කිරිමෙි අවශ්‍යයතාවක් ඇද්ද යන්න පිළිබදව අපිට බරපතල සැකයක් ඇතැයි ලාල් වික‍්‍රමතුංග මහතා පවසයිි.

මෙම ඝාතනය කොළඔ මාධ්‍යයවෙිදින් අතර භිතියක් ඇති කිරිමට තුඩුදුන් ඝාතන ගණනාවක් අතරින් එකක් බව පවසන කොළඔ බි.බි.සි වාර්තාකරු එය මාධ්‍යවෙිදින්ට ස්වයං වාරණයක් ඇති කරගැනිමට හේතු වු බව පවසයි.

බි.බි.සි ඇසුරෙනි

Tell a Friend