රාජපකෂ රෙජීමයේ කිසිදු තර්කයකට න්‍යයාන් නැත. ලෝ පතල විකිලීක් වෙබ් අඩවිය ලංකා ආණ්ඩුවට වීරයෙක්වී සිටින්නේ ආණ්ඩුවේ අඩුපාඩුවක් හෙළිකරන තුරුපමණි. නුදුරේදීම විකිලීක්ස් වෙතින් ආණුඩුවේ කුණුටික අදින්න ගත්ත දා සිට රජයේ වචනනේම කියනවානම් විකිලීක්ස් ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වෙන කුමන්ත්‍රණයකි. එවිට ආංසේගේ අම්මා මුත්තා පවා දේශප්‍රේමීන්ගේ වාග් ප්‍රවාහයට ලක්වනු ඇත.
ක්‍රිශාන් රාජපකෂ
ශ්‍රී ලංකාවේ තරම් —නිදහස˜ සමරන රටක් නොමැති තරම්ය. ළග එන පෙබරවාරි මාසයේද , ඉන්පසු මැයි මාසයේද, ඊටත් පසු නොවැම්බර් මාසයේද එකකට එකක් නොදෙවෙනිව උත්සව පවත්වා නිදහස සමරති. නිදහස් ප්‍රදර්ශණ ඇත. නිදහස් මාවතක්ද ඇත. නිදහස් චතුරශ්‍රයක්ද ඇත. නිදහස් පකෂයක් ද ඇත. මේ ලෙසින් ගත්කළ සකල ශ්‍රී ලංකාවම නිදහසේ පාරාදීසයයි.
නමුත්, මුවට සිනාහවක් එක්කරන කාරණාව, මේ නිශ්චිත මොහොත වන විට —නිදහස˜ යන්න ශ්‍රී ලංකාව තුළ හුදු වචනයකට පමණක් සීමා වී තිබීමයි. ලංකා සමාජය තවමත් වැඩවසම් තත්ත්වයේ පවතින් නිසාදෝ ප්‍රායෝගික භාවිතයේදී, —නිදහස˜ හසුරවන්නේ ඉතාම ප්‍රාථමික තත්ත්වයක සිටය. බහුතරයකට අනුව —නිදහස කන්නද යන්නයි˜. ඒ ලංකාවේ නිදහස පිළිබඳ බහුතර මහජන කියවීමයි. නිදහස ඔවුන්ට අනුව ප්‍රදර්ශණ භාණ්ඩයක් පමණි. නිදහස බලා සැනසීමට මිස, විඳ සැනසීමට ඔවුන්ට පුරුදු නැත. නිදහස් අදහස්, මතවාද, නිදහස් මාධ්‍ය, නිදහස් ජීවිත මෙරටට පාලකය පන්තියට මෙන්ම රටේ බහුතරයකටද අරංය. නිදහස විඳින්නා තමාගේ සතුටට බාධාවක් බව සිතනා මානසික භීතිකාවක මෙරටට බහුතරයක් වෙසෙති.
නිදහස් මත අදහස් දරන්නට, නිදහස් නිර්මාණශිල්පීන්ට, නිදහස් මාධ්‍යවේදීන්ට මෙරටට හැර යාමට සිදුවන්නේ ඉහත සඳහන්කළ කරාණා නිසාය. ඔවුන්ගේ කාර්යභාරය මෙහි වැඩවසම් පාලකයන්ගේ අත්තනෝමතික පාලකයන්ට අභියෝගයකි. ඔවුන්ටගේ නිදහස, පාලකයන් අර්ථකථනය කරනා නිදහස නොවන නිසා ඔවුන්, ඔවුන්ගේ නිදහස් මතයට ඉඩ සොයති. එසේ අභියෝගය බාරගත් බොහෝදෙනාට සිදුවූයේ මෙරටට අතහැර යන්නට හෝ නැතිනම් ජීවිතයෙන් වන්දි ගෙවීමටය.
ශී්‍ර ලංකාව මේ කාලසමය ගෙවෙනන්නේ අමනත්වයේ අඳුරු සෙවණැළි සමඟය. මේ සිදුවන නරුම කි්‍රයාවලියෙන් යම් දුරකට හෝ බේරීතිබුණේ සයිබර් අවකාශය හෙවත් අන්තර්ජාලය පමණි. භෞතිකව ලෙස මොහොතේ බුක්තිවිඳිය නොහැකි නිදහස, රෝපණය කළ නොහැකි තම මතවාදය අන්තර්ජාලයේ විවිධ වෙබ් අඩවි, බ්ලොග් අඩවි, ෆේස්බුක් ඔස්සේ සමාජගත කිරීමට යම් උත්සහයක නිරත වූහ. ලංකාවේ අන්තර්ජාල භාවිතකරන ප්‍රතිශතය අති දැවැන්ත නොවුනද ඒ ඔස්සේ යම් මතවාදයක් ගොඩනගන්නට හැකියාව තිබේ. සියලූ නිදහස් මතවාදය අවකාශයන්ට වෙඩි තබනා ලංකාවේදී ඉතා ආසන්තම දිනකදී සයිබර් අවකාශයටද වෙඩිතැබූහ.
තවරාජ් කතීස්වරන් මරාදැමීම
තවරාජ් කතීස්වරන් මරාදමන්නේ 2011 වසර ලබන්න ඔන්න මෙන් කියා තිබියදීය. ඔහු යාපනය කුඩත්තනයි ප්‍රදේශයේ කි්‍රයාත්මක ආණ්ඩුයට සම්බන්ධ දේශපාලන අධිකාරියක් ආරකෂක අංශ සම`ග එක්ව සිදුකරවැයි කියන අනවසර වැලිකැපීමේ ක්‍රියාවලියකට එරෙහිව ක්‍රියාකාරීව මැදිහත් වී සිටියේය. පෙර දිනයකදී නියගලා මල්මිටක් අතැතිව එම වැලිකැපීම සිදුවන ප්‍රදේශයේ සිට ඔහු ගත් ඡායාරූපයක් ඒ පිළිබඳ තමන්ගේ විරෝධය සටහන් කරමින් තම ෆේස්බුක් අඩවියට යොමුකර ඇත. එදිනම රාති්‍රයේදී පැමිණි හමුදා ඇඳුමින් සැරසුනු ආයුධ සන්නද්ධ පිරිසක් පරිගණය පරිකෂාකර ඔහුට වෙඩිතබා මරාදමා ඇත. දකුණේ බහුතර පිරිකට මෙය තවත් එක් ප්‍රවෘත්තියක් පමණක් විය. නමුත් මේ හරහා ඉඟිකරන කරණය ඉතාම බරපතලය. සරලව ගන්නේනම් මීට පස්සේ අන්තර්ජාලය තුළද විකල්ප මතවාද දැරීම හෝ ඒ සඳහා අනුබල දී මරණය හිමිවන වරදක් බවයි. මේ අනුව දැන් පාලනාධිකරයන් විසින් සයිබර් අවකාශයේ හැසිරිය යුතු ආකරයට අර්ථකතනය කර ඇත. නොඑසේනම් මේ පිළිබඳ විධිමත් පර්ශේෂණයක් ආරම්භවිය යුතුය. මේ මෙහොතේදී රාජපකෂ රෙජීමය සයිබර් අවකාශය හරහා ඇතිවන විකල්ප අදහස්, කවි, ප්‍රවෘත්ති, පමණක් නොව එක් එක් පුද්ගලයාගේ හැසිරීම ගැන පවා අවධිවෙන් ඔවුන් සිටිනා බවට මෙය හොඳම උදාහරණයකි. මෙය ඇත්තෙක්ම සයිබර් ත්‍රස්වාදයකි. රාජ්‍ය ත්‍රස්තවාදයේම දිගුවක් ලෙස මෙය කි්‍රයාත්මකවනවේ. තමන්ට විරුද්ධව කිසිඳු තැනෙක විරුද්ධ, විකල්ප මතයක් බිහිවීම ඉඩනොදීම මෙහි මුඛ්‍ය අරමුණ වෙයි. මෙම සිද්ධිය හරහා එය තේරුම් ගැනීමට අපි උකටලී නොවෙමු. නමුත් ප්‍රශ්ණය දේශපාලන වේදිකාමත, මධ්‍ය කඩහරහා මවන නිදහස සැබෑලෙසම රැගෙන යන්නේ මරණ මංචකය වෙත බවයි. එය එන්න එන්නම වේගවත් වනවා මිස එහි සුබවාදී සලකුණක් හෝ දැකිය නොහැක.
තොරතුරු දැනගැනීමෙට ඇති අයිතිය සයිබර් අවකාශය තුළද වාරණයට ලක්කිරීම.
මේවන විටත් ලංකාව තුළ Lanka-e-News, Infolanka and Sri Lanka Guardian යන වෙබ් අඩවි තහනමට ලක්කොට ඇත. මෙවා ලංකාව තුළ තහනම් කිරීමට එකම හේතුව රාජපකෂ පාලනාධිකාරිය විසින් අර්ථකතනය කරන මාධ්‍ය නිදහසේ සිමාවේ එපිටට ගොස් ජනතාවට සත්‍ය හෙළිකිරීම හැර අන්කිසිවක් නෙවේ. විශේෂයෙන්ම මෙම වෙබ් අඩවි ඔස්සේ රාජපකෂ පාලන්යේ දූෂණ සහ සිදුවන මාවන හිමිකම් කඩවීම ආදිය පිළිබඳ රාජපකෂ පාලනයේ නිරුවත ලෝකය වෙත ගෙනයාම හේතුවෙන්, මෙරට තුළදී මෙම වෙබ් අඩවි ක්‍රියාත්මක වීමට බාධාපමුණුවා ඇත. මෙය ඉතාම බරපතල තත්ත්වයකි. රාජ්‍ය මාධ්‍ය ඉතාම නින්දිත ලෙස රාජපකෂකරණය වී ඇත. පෞද්ගලික මාධ්‍ය තම ව්‍යාපාර්ය රැකගැනීමේ අරමුණින් පහත් ලෙස ආණුඩවේ වැරදි දැක දැක ඉවත බලායති. මේ තත්ත්වය ඔස්සේ අහෝසි වන්නේ මහජනයා හට සත්‍ය තොරතුරු දැනගැනීමේ අයිතියයි. එයම අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කරලීමට අත්‍යවශ්‍ය කරුණකි. ඒ අනුව මේ පාලකයින්ගේ අමන කි්‍රයා ඔස්සේ ඈත්වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයයි. මේ මොහොතේ අත්‍යවශ්‍යය බඩුමිල අහස උසය, අලූත් බදු, අලූත් නීති අණපනත් ගෙන එයි. මානව හිමිකම්, මාධ්‍ය නිදහස, මේ සියල්ල අහිමි වෙමින් පවතී. මේ කිසිවක් පිළිබඳ මහජනයාට සත්‍ය තොරතුරු දැනගැනීමට ඇති අයිතිය මෙරට සමාජයට අහිමිකර ඇත. යම් තරමකින් හෝ සත්‍ය දැනගැනීමට තිබූ සයිබර් අවකාශයේ තිබූ අවස්ථාවද පාලකයෝ අහිමි කර ඇත. ශ්‍රී ලංකාවේ ගමන මේ මොහොතේ හොඳින් විග්‍රහ කරනු ලැබූවහොත් ආසන්න වන්නේ තලේයිබාන්, පොල්පොට්, රජය හොඳින් දන්නා ඉඩිඅමීන් ගේ වැනි පාලන ක්‍රමවේදයක් වෙතය.
කබරගොයි තලගොයි කරගැනීම
රාජපකෂ රෙජීමයේ කිසිදු තර්කයකට න්‍යයාන් නැත. ලෝ පතල විකිලීක් වෙබ් අඩවිය ලංකා ආණ්ඩුවට වීරයෙක්වී සිටින්නේ ආණ්ඩුවේ අඩුපාඩුවක් හෙළිකරන තුරුපමණි. නුදුරේදීම විකිලීක්ස් වෙතින් ආණුඩුවේ කුණුටික අදින්න ගත්ත දා සිට රජයේ වචනනේම කියනවානම් විකිලීක්ස් ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වෙන කුමන්ත්‍රණයකි. එවිට ආංසේගේ අම්මා මුත්තා පවා දේශප්‍රේමීන්ගේ වාග් ප්‍රවාහයට ලක්වනු ඇත. විකිලීක්ස් සිද්ධිය ගැන ලංකාවේ රජයට කථාකිරීමට කිසිඳු සදාචාරාත්මක අයිතියක් නැත. මන්ද විකිලීක්ස් හි න්‍යයා රාජපකෂ රෙජීමය වහකදුරු වන ඔවුන් විසින් මර්ධනය කළ න්‍යායක් බැවිනි. විකිලීක්ස් න්‍යාය නම් ලොව සැමට තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමයි. නමුත් ශී්‍ර ලංකා ආණ්ඩුවට මේ සත්‍ය දැනගැනීමේ අයිතිය වහකඳුරුය. එම නිසා ශ්‍රී ලංකාවද සිටින්නේ විකිලීක්ස් එරෙහි මතවාදයක. විකිලීස් ගැන කථාකරන රාජපකෂ ආණ්ඩුවට තමන් විසින් බාධාපමුණවන, තමන් විසින් වාරණය කරන ලද, තමන් විසින් නිතිපතා බාධාපමුණවන සයිබර් අවකාශයේ නිදහස ගැන ස්වල්ප වශයෙන්වත් මතකයක් නැත. නොයෙක් විට, විවිධ ලෙස සයිබර් අවකාශයේ මාධ්‍යකරණයේ යෙදෙන්නට තර්ජන ගර්ජන එල්ල කරති. නමුත් සර්වසම්පූර්ණ පාලනයක් ලෙස විකිලීක්ස් සිද්ධියේදී කටමැද දොඩවති. වීරයෝ වෙන්න මෝඩ උත්සහයක යෙදෙති.
ඊළඟ ???
මෙම පාලනාධිකාරයේ ඊළග මර්ධනයේ ඉලක්කය ඔබ වෙන්න ඔබ කිසිත් වරදක් කරන්නට උවමනා නැත. නිදහස් අධ්‍යාපනයේදී අප නිදහසේ හිතන්නට එපා යැයි උගන්වා නොමැති නිසා සබුද්ධික පුද්ගලයන් මේ මොහොතේ සිදුවන දේ ගැන නිදහස්ව සිතති. ඒ නිසයි මම, ඔබ ඉලක්ක වීමට ඉඩ ඇතැයි ඉහතින් පැවසූයේ. ලංකාවට අනුව පාලකයන්ගේ සිතීමේ පරිධියෙන් එපිට සිතීමත් මරණීය ප්‍රතිඵල ගෙන දිය හැකි භයානක කාර්යයකි. 2011 දී සයිබර් අවකාශයටත් වෙඩි තැබූහ. දැන් ඔබ වෙතට හැරී තිබෙන්නට පුළුවන. මර නින්දේ දකින සිහිනයෙන් අවදිව, සබුද්ධික වන්න.
Post a Comment