යාපනයේ අතුරුදන් ගුරුවරියගේ මළ සිරුර මාස 2කට පසු ළිඳකින් සොයාගනී

 පසුගිය නොවැම්බර් මාසයේ 16 වනදා සිට අතුරුදහන්ව සිටි නල්ලූර්හි ආනන්ද විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ ගුරුවරියකගේ මළ සිරුර පුන්ගුඩුතිව් මූනෙයිදුවිල් ප‍්‍රදේශයේ ළිඳක තිබී සොයාගෙන තිබේ.

හතළිස් හැවිරිදි එම ගුරුවරියගේ තුරෙයිරාජසිංහම් උත්තම කුමරි බව හඳුනාගෙන තිබේ. ඇය හඳුනාගෙන තිබෙන්නේ ඇඳ සිටි සාරිය හා පාසලට යාමේදී භාවිතා කළ අත්බෑගයෙනි.

ඉකුත් නොවැම්බර් 16 වන දින පාසලට ගිය උත්තම කුමරි ගුරුවරිය එදින ආපසු නිවසට නොපැමිණීම ගැන ඇගේ ඥාතීන් විසින් කෝපායි පොලීසියට පැමිණිලි කොට ඇත.

මියගිය ගුරුවරියගේ මළ සිරුර සොයා ගැනීම කර තිබෙන්නේ නල්ලූර් පොලීසිය විසින් වන අතර, වැඩි දුර පරීක්‍ෂණ සඳහා මළ සිරුර යාපනය මූලික රෝහලේ තැන්පත් කොට තිබේ.