13 හැවිරිදි දැරියකට පහරදී සපා කෑ බාප්පා රක්‍ෂිත භාරයට

තිලකසිරි දැල බණ්‌ඩාර

13 හැවිරිදි බාල වයස්‌කාර දැරියකට අතින් පයින් පහරදී ඇගේ උරහිස සපා කෑ බව කියන අයෙකු මෙම මස 11 වැනිදා තෙක්‌ රිමාන්ඩ් භාරයේ තැබීමට රත්නපුර මහෙස්‌ත්‍රාත් චානිකා විඡේබණ්‌ඩාර මහත්මිය පෙරේදා (03 වැනිදා) නියෝග කළාය.

එසේ රිමාන්ඩ් භාරයට පත් වූයේ එම දැරියගේ මවගේ දෙවන සැමියා බව කියන නිවිතිගල පාතකඩ පදිංචි එක්‌දරු පියෙකු වන පල්ලේ කම්මලේ ගෙදර රුවන් ප්‍රේම තිලක නමැත්තෙකි.

තුවාල ලැබූ දැරියට අක්‌කා කෙනෙකුද සිටී. ඔවුන් කුඩා කාලයේදීම පියා ඔවුන්වද මවද අත්හැර ගොස්‌ ඇත.

සැමියා සමග නිත්‍යානුකූලව විවාහ වී නොසිටි බිරිඳ පසුව සැකකරු සමග නිත්‍යානුකූලව විවාහවී ඇත. ඔහුට දාව ඇයට එක්‌ දරුවෙකු සිටී.

සැකකරුට එරෙහිව සිද්ධිය පොලිසියට පැමිණිලිකර ඇත්තේ ඔහුගේ බිරිඳය. සැමියා බීමත්ව පැමිණි කිසිම හේතුවක නොමැතිව තමාටත් තමාගේ කලින් විවාහයේ දරුවන්ටත් නිකරුණේ පහර දෙන බව ඇය පැමිණිල්ලෙන් කියයි.

සැකකරුට එරෙහිව ඔහුගේ බිරිඳ අවස්‌ථා කීපයකදීම පහරදීම් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති බවත් ඒ සෑම අවස්‌ථාවකම ඔවුන් සමාදාන කර යවා ඇති බවත් නිවිතිගල පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සනත් නන්දලාල් මහතා අධිකරණයට පැවසීය. සපා කෑමෙන් වූ තුවාල සහිත දැරිය ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළු කර ඇත.

Tell a Friend