EXCLUSIVE: ආණ්ඩුව අලුත් විදිහට හොරකමේ


පිටරටට ගන්නා දුරකථන ඇමතුම් වලින් කෝටි ගණන් හොරෙන් ඉපයීමට ආණ්ඩුව සැලසුම් කරයි


ජනාධිපති රාජපක්ෂ විසින් නව අයවැය හදුන්වා දීමෙන් පසු හඳුන්වා දුන් නව බදු ප්‍රතිපත්තියට අනු කූල වන සේ ආණ්ඩුව සාමාන්‍ය ජනතාවගේ මුදල් හොරකම් කිරීමේ පියවර රැසක් ආරම්භ කොට තිබේ. ආණ්ඩුවේ ආර්ථික ශක්තිය මුළුමනින්ම පාහේ චීනය සහ ඉන්දියාව මත යැපෙන අතර එම රටවල් දෙකට ඕනෑම අවස්ථාවක ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් කිරීමට හැකියාව ඇත. මේ අතර ලංකා ආණ්ඩුවේ අන්තර ජාල සහ දුරකථන සැපයුම් කරුවා වන ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් අතරජාල සහ එහි දුරකථන භාවිත කරන්නන්ගෙන් අධික මුදලක් අයතා ලෙස අය කරගනිමින් සිටින බව වාර්තා වේ.

එහි එක පියවරක් ලෙස ඊයේ දිනයේදී ලංකා ටෙලිකොම් තම එක වංචාවක් අතහදා බලා ඇති අතර ඊට අනුව යම් කිසිවෙකු විදේශ රටක දුරකතනයකට ගැනීමට උතසහ කළහොත් ඉන් ප්‍රතිචාර ලැබුනද නොලැබුනද විශාල මුදලක් අය කර ගෙන ඇත. ඊයේ දිනයේදී පමණක් ආණ්ඩුව මෙසේ අහිංසක ජනතාවගෙන් හොරකම් කළ මුදල ලක්ෂ ගණනක් බවත් එය තව දුරටත් කිරීම සඳහා විවිධ ක්‍රමොපායන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් හඳුන්වා දෙන සියලුම සේවා සඳහා අනුමත කර ඇති විස්තර සහිතව නිත්‍යානුකූල බිල්පතක් සහ ලබා ගන්නා සෑම දුරකථන අමතුමකම සේම අන්තරජාල පහසුකම් පාවිච්චි කරන්නේ නම් එයද ඉතා සුපරික්ෂාකාරිව බලන ලෙස අපි අපි පාඨකයින්ගෙන් කරුණාවෙන් ඉල්ලමු. එසේම අයතා ලෙස ගණන් අය කිරීමට විරුද්ධව නිත්‍යානුකූල පියවර වහාම ගැනීමටද හැකියාව තිබේ.

Tell a Friend