" ජාතික ආරකෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ පූර්ව අවසරය සහිතව ලක්බිම නිවුස්, තිනක්කුරල්, වීරකේසරී, බීබීසී සහ තමිල් මිරර් යන මාධ්‍ය ආයතනයන්හි මාධ්‍යවේදීන් මෙම අවස්ථාව ආවරණය කිරීම සදහා පැමිණ සිටියහ. සාකෂි විභාගය ආරම්භ වී පැය තුනකට වැඩි වේළාවක් මේ පිරිසට බුස්ස කදවුරට ඇතුඵවීම සදහා අවසරය නොලැබුණී. රාජ්‍ය ආරකෂක අමාත්‍යාංශයේ අවසරය නොමැතිව කදවුරට ඇතුඵවීම සදහා අවසරය ලබා දිය නොහැකි බව දැන්වීමෙන් පසුව මෙම මාධ්‍යවේදීන්ට ආපසු හැරී ඒමට සිදුවිය."
රජිත් කීර්ති තෙන්නකෝන්
උගත් පාඩම් හා සංහිදියාව කොමිසම හමුවේ බුස්ස කදවුරේ රදවා සිටින රැදවියන් සාකෂිදීමේ අවස්ථාව ආවරණය කිරීම සදහා ජනමාධ්‍යවේදීන්ට අවස්ථා ලබා නොදීම ශ්‍රි ලංකා මානව හිමිකම් කේන්ද්‍රය දැඩිව හෙළා දකින බව එම සංවිධානයේ විධායක අධ්‍යකෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
සිය කටයුතු විනිවිද පෙනෙන අයුරින් සිදු කිරීම පිළිබද පූර්ණ වගකීම උගත් පාඩම් හා සංහිදියාව කොමිසම සතුවේ. ජනමාධ්‍යයෙන් සහ පොදුජනතාවගෙන් වසන් කොට රහසේ සිදු වන කි‍්‍රයාවලියක් තුළ ජාතීන් අතර සංහි`දියාවක් ඇති කිරීම සිහිනයක් පමණී. ජාතින් අතර සංහි`දියාව ඇති කිරීම පිළිබද අන්තර් ජාතිකව පිළිගත් ව්‍යවහාරයක් වන්නේ ඒම කි‍්‍රයාවලිය සදහා උපරිම අනාවරණයක් ලබාදීම ය.
දශක තුනකට වැඩි කලක් දිග් ගැසුණු යුද්ධයකින් පීඩාවට පත් වූ පිරිස් අතර සංහිදියාව ඇති කිරීමේ පළමු සහ මුලික කොන්දේසිය වන්නේ පූර්ණ විනිවිද භාවයකින් යුතුව කටයුතු කිරීමයි. එපමණක් නොව පූර්ණ බලැති ජනාධිපති කොමිෂන් සභාවක් ලෙස සිය සාකෂි විමසීමේ කි‍්‍රයාවලිය තුළ පූර්ණ පාරද්‍රශ්‍ය භාවය තහවුරු කිරීම ස`දහා කොමිසමට බලතල සහ හැකියාව ඇත්තේය.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයින් ලෙස කටයුතු කළ බවට තහවුරුවී ඇති සහ සැක කරනු ලබන රැ`දවියන් විශාල පිරිසක් බුස්ස නාවික හමුදා ක`දවුරේ ර`දවා සිටී. උගත් පාඩම් හා සංහිදියාව පිළිබ`ද කොමිසන් සභාවේ කටයුතු ආරම්භ කළ පසු මේ දක්වා කාලසීමාව තුළ සිදු කළ සාකෂි විභාගයන් අතුරින් වැදගත් සහ සංවේදී අවස්ථාව අද දින බුස්ස ක`දවුරේ පැවති සාකෂි විභාගය බව ශ්‍රී ලංකා මානව හිමික`කේන්ද්‍රය දැඩිව විශ්වාස කරයි. මන්ද, ආයුධ බලය කෙරෙහි විශ්වාසය තැබූ පිරිසකගෙන් උගත් පාඩම් සහ සමාජ සංහි`දියාව පිළිබ`දව අදහස් ලබා ගැනීමට කොමිෂමට ලැබුණු පළමු අවස්ථාව මෙය වන බැවිනි.
ජාතික ආරකෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ පූර්ව අවසරය සහිතව ලක්බිම නිවුස්, තිනක්කුරල්, වීරකේසරී, බීබීසී සහ තමිල් මිරර් යන මාධ්‍ය ආයතනයන්හි මාධ්‍යවේදීන් මෙම අවස්ථාව ආවරණය කිරීම සදහා පැමිණ සිටියහ. සාකෂි විභාගය ආරම්භ වී පැය තුනකට වැඩි වේළාවක් මේ පිරිසට බුස්ස කදවුරට ඇතුඵවීම සදහා අවසරය නොලැබුණී. රාජ්‍ය ආරකෂක අමාත්‍යාංශයේ අවසරය නොමැතිව කදවුරට ඇතුඵවීම සදහා අවසරය ලබා දිය නොහැකි බව දැන්වීමෙන් පසුව මෙම මාධ්‍යවේදීන්ට ආපසු හැරී ඒමට සිදුවිය.
ඒ අනුව පළමුවරට කොමිෂමේ කටයුතු සියල්ල බාහිර පාර්ශවයන්ට අනාවරණය වීම වැලකුණි.
රට වැසියන්ගෙන් සහ ලෝකයෙන් වසන් කරනු ලැබූ පරිසරයක උගත් පාඩම් හෝ සංහි`දියාව පිළිබ`ද අභ්‍යාසයන් පැවැත්විය නොහැකිය. තම කොමිසම විසින් ඉටු කරනු ලබන කටයුතු පිළිබ`ද පූර්ව විනිවිද භාවයක් සහිතව කටයුතු කිරීමේ අවසන් වගකීම රැදී ඇත්තේ ද කොමිෂන් සභාවේ සාමාජිකයින් අතය.
අද දින බුස්ස ක`දවුරේ දී සිදු වූ අවසනාවන්ත සිදුවීම වැනි සිදුවීම් නැවත ඇති නොවීම ස`දහා කටයුතු කිරීම කොමිෂන් සභාව සතු වගකීමක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ දැඩි විශ්වාසය යි.
Post a Comment