රහස් හෙළි කිරීමත් සමඟ ඇමෙරිකාව පත් වී සිටින අසීරු තත්වය සමනය කිරීම සඳහා ලේකම් හිලරි කිල්න්ටන් විසින් බොහෝ රටවලට පුද්ගලිකව කතා කොට තම කණගාටුව ප්‍රකාශ කොට ඇත. මේ අතර ධවල මන්ධිරයේ ප්‍රකාශකයෙකු කියා ඇත්තේ විකිලීක්ස් ප්‍රධානියා නීති කඩ කරන්නෙකු බවය.
කෙසේ වෙතත් අදහස් දැක් වූ රුසියානු අගමැතිවරයා වන පුටින් කියා සිටියේ විකිලීක්ස් හොඳ කටයුත්තක් කරන බවත් ඇමෙරිකාව නගා ඇති චෝදනා සත්‍ය නොවන බවත්ය. එසේම වැඩි දුරටත් ඇමෙරිකාවට ඔහු කියා ඇත්තේ, " සගයනි, මම ඔබලාට උපදේශයක් දීමට කැමතියි. එනම් අපේ ස්වෛරී අයිතීන් වලට මැදිහත් නොවන ලෙසයි," ලෙසය

Post a Comment