මීගමුව කළපුවේ ක්‍රියාත්මක කිරීමට රජය විසින් උත්සාහ දැරූ සී ප්ලේන් ව්‍යාපෘතියට කළපු ධීවරයින් ඇතුළු ධීවරයින් විවිධ සංවිධාන සමග ඒකාබද්ධව දවසක් පුරා කළපුවේ සහ මහපාරේ කරන ලද උද්ඝෝෂණයෙහි බලපෑම මත, එම ව්‍යෘපෘතියේ යොදවා තිබූ යන්ත්‍රය මීගමුව කළපුවෙන් ඉවත් කිරීමට රජයට සිදුවිය.
එම ව්‍යාපෘතිය පූර්ණ ලෙසම ඉවත් කරන්නේද යන්න පිළිබඳව පැහැදිළි ස්ථීර පිළිතුරක් රජයෙන් නොලැබුණු නිසා මෙම "සී ප්ලේන්" ව්‍යාපෘතියේ ආදීනව පිළිබඳව මහජනයා දැනුවත් කිරීම සඳහා, නොවැම්බර් 27 වන සෙනසුරාදා මීගමව නගරයේදී ප්‍රසිද්ධියේ පත්‍රිකාවක් ඛෙදා හරින ලදී.
එම පත්‍රිකාවේ ප්‍රකාශකයා වූ මාකස් ප්‍රනාන්දූ මහතා හා ධීවර වෘත්තීය සමිතියේ සභාපති වන අරුණ රොෂාන් යන දෙදෙනා නොවැම්බර් 28 ඉරිදා මීගමුව පොලීසියට කැඳවා, ර්ණරජය විසින් කරගෙන යනු ලබන මීගමුව කළපුවේ මුහුදු ගුවන් යානා ක්‍රියාත්මක කිරීමේ සංචාරක සැලැස්මට විරුද්ධව කුමන්ත්‍රණය කිරීම හා කැරැල්ලක් ඇති කිරීමේ අදහසින් නිකරුණේ මහජනයා ප්‍රකෝප කිරීම සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 150 වගන්තිය යටතේ්, ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර නඩු පවරා ඇත.
අද එනම්, දෙසැම්බර් 14 අගහරුවාදා මීගමුව ගරු අධිකරණයේ කැඳවෙන්නේ එම නඩුවයි.
එම පත්‍රිකාව සම්බන්ධව කුමන්ත්‍රණ, කැරලි ඇති කිරීම, ප්‍රකෝප කිරීම යන වචන යොදමින් නඩු පවරමින් පොලීසිය එන්නේ හොඳකටනම් නොවේ. මේ අහිමි කරන්න හදන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති කථා කිරීමේ, අදහස් පළ කිරීමේ, සහ තොරතුරු දැනගැනීමේ මූලිකම මිනිස් අයිතිවාසිකම්ය. එනම් අප එකඟ නොවන දේට ප්රජාතන්ත්රවාදී සහ නීත්‍යානුකූල ලෙස විරුද්ධ වීමේ ඇති අයිතියයි.
1992 එවකට විපකෂ මන්ත්‍රිවරයෙකු වූ මහින්ද රාජපකෂ (වර්ථමාන ජනාධිපති ) මහතා විසින් සංවිධානය කරනු ලැබූ ර්ණජන ඝෝෂාව” ව්‍යාපාරයේදී, එම උද්ඝෝෂණ සම්බන්ධව අත්අඩංගුවට ගැනීමට විරුද්ධව ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැත්වූ මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවේදී, එම නඩුව විභාග කල ගරු මාර්ක් ප්‍රනාන්දූ විනිසුරුවරයා ප්‍රකාශ කළේ ර්ණ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධා කිරීම සැමවිටම අනාගතයේදී ප්‍රචණ්ඩත්වයට මගපාදන බවයි.
එම ගරු විනිසුරුතුමාගේ වචන වලින් කිවහොත් ,
“TODAY POLICE HAS NO RESPECT FOR RULE OF LAW AND OFTEN POLICE OFFICERS DO THIS KIND OF ACTIONS TO PLEASE POLITICIANS. THAT IS HOW THIS KIND OF CASE COMES UP. THE COURT AND THE ATTORNEY GENERAL HAS THE POWER TO ORDER WITHDRAWAL OF SUCH PROCEEDINGS. ALLOWING SUCH CASES TO PROCEED IS BAD FOR THE JUDICIAL SYSTEM.”
"අද නීතියේ ආධිපත්‍යට පොලීසියේ ගෞරවයක් නොමැති අතර, බොහෝ විට පොලීසියේ නිළධාරීන් එවැනි ක්‍රියාවන් සිදුකරන්නේ දේශපාලකයන් සතුටු කිරීමටයි. මෙවැනි නඩු ඉදිරිපත් වන්නේ ඒ ආකාරයටයි. අධිකරණයට සහ නීතිපතිට එවැනි නඩු පවත්වාගෙන යාම ඉල්ලා අස්කරගන්නා ලෙස නියෝග කිරීමට බලය ඇත. එවැනි නඩු පවත්වාගෙන යාමට අවසර දීම නීති ක්‍රමයටම අයහපතකි. පති‍්‍රකා ඛෙදීම, පොස්ටර් ඇලවීම වැනි මහජනයා දැනුවත් කිරීමේ ක්‍රියාවලියට විරුද්ධව අත් අඩංගුවට ගැනීම සම්බන්ධව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය බොහෝ පැහැදිළිව තම අදහස් මින් පෙර ප්‍රකාශ කර ඇත."
එසේනම් නැවත නැවතත් තහවුරු කරන ලද මූලික මිනිස් අයිතිය භුක්ති වි`දීමට විරුද්ධව මීගමුව පොලිස් ස්ථානාධිපතිවරයා එම ධීවර නායකයන්ට විරුද්ධව නඩු පවරන්නේ ඇයි ?
මේ අත්අඩංගුවට ගැනීම සහ මෙසේ නඩු පැවරීම පිළිබඳව මීගමු පොලිස් ස්ථානාධිපතිට විරුද්ධව ර්ණආසියානු මානව හිමිකම් කොමිසම” පොලිස්පතිට එවා ඇති ලිපියේ මෙසේ සඳහන්වේ.
"මෙහිදී වඩාත් බියකරු වන්නේ, අත්අඩංගුවට ගැනීමට, රදවා තබා ගැනීමට සහ කිසි`දු පදනමකින් තොරව බොරු නඩු පැවරීමට ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ, 150 වෙනි වගන්තිය අයුතු ලෙස භාවිතා කිරීමයි. මෙම නිළධාරියා මූලික නීතිය පිළිබඳව බලවත් නොදැනුවත්කමකින් හෝ නීතියේ ආධිපත්‍ය නොතකා හැරීමේ යම් බලවත් උවමනාවකින් හෝ පසුවන බව පැහැදිළි වේ."
මෙහිදී අප විසින් අමතක නොකළ යුත්තේ, ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි, නියෝජ්‍ය ඇමති, සරත් ගුණරත්න මහතා විසින් මේ සම්බන්ධව ලිඛිතව කර තිබූ පැමිණිල්ලට අනුව තවත් ධීවරයෙකු මීගමුව පොලිසියට ගෙන්වා මීට පෙරද කට උත්තරයක් ලබා ගැනීමයි.
මෙම අත්අඩංගුවට ගැනීම සහ නඩු පැවරෙන්නේ කෙසේදැයි අපට නම් සිතාගත හැක.
අපට කීමට ඇත්තේ එකම එක දෙයයි.
පත්‍රිකාවක් ඛෙදීම, අපගේ අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමට, කෙටියෙන් කිවහොත් , යමකට විරුද්ධ වීමට ඇති අයිතිය, අපගේ මූලික අයිතිවාසිකමකි. එය අප රටේ ව්‍යවස්ථාවෙන් සහතික කර, ගරු ශ්‍රේ්ෂ්ඨාධිකරණය සැමවිටම තහවුරු කරන ලද්දකි. එය භූක්ති වි`දීමෙන් අප නීතිය කඩනවා නොව, සිදුවන්නේ එය ආරක්ෂා කිරීමයි.
පත්‍රිකා ඛෙදිීමට ඇතිකරන මෙවැනි බාධා වලට, අප බරපතලව විරුද්ධ වන්නේ මෙයට ඉඩ හැරීමෙන් ධීවර ප්‍රශ්න ගැනම පමණක් නොව, බඩු මිල, අධ්‍යාපනය, රෝහල වැනි ක්ෂේත්රයන්හි දී සිදුවිය හැකි අකටයුතුකම් වලට එරෙහිව විරුද්ධවීමට අපට ඇති අයිතිය පාවා දීමක් සිදුවන නිසාය.
ව්‍යවස්ථාවේ සහතිකකර ඇති බොහෝ දේ අක්‍රීය කරවමින් පවතින යුගයක ව්‍යවස්ථාවෙන් සහ නීතියෙන් තහවුරුකර ඇති අපේ අයිතීන් ආරක්ෂාකර ගත හැක්කේ දේශපාලන හෝ වෙනත් බාධක නොතකා ඒවා භුක්ති වි`දීමට අත් නොහැර කරන අරගලයෙන් පමණක් බව අත්දැකීමෙන් අප ඉගෙනගෙන ඇත.
"අප දිනාගත් කිසි`දු අයිතියක් අපි අත් නොහරින්නෙමු"
මීගමුව කලපු ධීවර ජනතා සංවිධානය.
සමස්ථ ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමය.
ශී‍්‍ර විමුක්ති ධීවර කාන්තා සංවිධානය.
Home srilanka ධීවර නායකයින් දෙදෙනෙකුට එරෙහි නඩුව
ධීවර නායකයින් දෙදෙනෙකුට එරෙහි නඩුව
By Sri Lanka Guardian • December 17, 2010 • feature srilanka • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment