"මාසෙකට වැඩියි ඇමැතිවරු පත් කරලා. සමහරුන්ට ඉන්න තැනක් නැහැ. කාර්යාලයක් නැහැ. ලේකම් කෙනෙක් නැහැ. මම එක ඇමැති කෙනෙක්‌ගෙන් ඇහුවා කාර්යාලය කොහෙද කියලා. ඔහු කිව්ව උඩු ගුවනේ කියලා යෑයි යහ පාලනය හා යටිතල පහසුකම් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා පැවසීය.
වික්‍රමනායක මහතා මේ කරුණු ප්‍රකාශ කළේ ඉංගිරිය රයිගම්වත්ත විදුලි යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීමෙන් පසුව පැවැති ජන හමුවේදීය.
එහිදී ඇමැතිවරයා මෙසේද කීය.
ඕනෑම දෙයක් කළ යුත්තේ සැලැස්‌මක් ඇතිවයි. සැලැස්‌මක් නොතිබුණොත් ඒ ව්‍යාපෘතිය අනිවාර්යයෙන්ම අසාර්ථක වෙනවා. මාසෙකට වැඩියි කැබිනට් මණ්‌ඩලය පත්වෙලා. ඇමැතිවරු පත් කළා. සමහර අයට ඉන්න තැනක් නැහැ. කාර්යාලයක් නැහැ. ලේකම් කෙනෙක් නැහැ. කාර්ය මණ්‌ඩලයක් නැහැ. මම එක ඇමැති කෙනෙක්‌ගෙන් ඇහැව්වා තමුන්නාන්සේගේ කාර්යාලය තියෙන්නේ කොහේද කියලා. උඩුගුවනේ කියලා කිව්වා. මොකක්‌ද මේ වැඩේ. යම්කිසි වැඩක් කරන්නට පෙර සැලසුමක් තිබිය යුතුයි. නැතිනම් රජය කෙරෙහි ජනතාවගේ විශ්වාසය නැති වෙනවා. දැන් මේ ක්‍රියාවෙන් මොකද වුණේ. ජනතාවගේ විශ්වාසය නැතිවී ගෙන යනවා ආණ්‌ඩුව කෙරෙහි. ආණ්‌ඩුව කරන කියන දේ ගැන පොඩි සැකයක් උපදිනවා. මෙවැනි වැඩක්‌වත් ක්‍රියාත්මක කරන්නට බැරි ආණ්‌ඩුවක් ඊට වඩා වැඩි විශාල අභියෝගවලට මුහුණ දෙන්නේ කොහොමද කියලා. ඒ සැකය උපදින්නට හොඳ නැහැ. කවුරු හරි ලණුවක් දුන්නා. දැන් ලණුව දුන්න මිනිසුන් කොහෙද කියලා හොයන්න වෙලා තිබෙනවා. අපිට උවමනා කරන්නෑ මේ රජය පරද්දන්න. ජනතාවට සහන ගෙන දෙන්නේ මේ ආණ්‌ඩුව තමයි. අප මෙය රැකගත යුතුයි. රකින්න නම් අපේ වරදවල් ජනතාව ඉදිරියට ගොස් පිළිගත යුතුයි.
අපිම අපේ වැඩපිළිවෙළවල් විවේචනය කරගත යුතුයි. වැරදුන තැනකදී අපි අවංකව වැරදුණා යෑයි පිළිගත යුතුයි. එසේ නැතිව වැරදුණේ නැතැයි කියමින් හැඟීමක් නැතිව වැඩ කරගෙන යනවා නම් ජනතා විශ්වාසය දිනා ගැනීමට යන වැඩ පිළිවෙළක් නොවේ. මෙතැනත් මේක වැරදුණා. සැලැස්‌මක් නැතිව වැඩක් කළා. තාමත් බැරිවෙලා තිබෙනවා ඒ සැලැස්‌මෙන් තොර වැඩෙන් බේරෙන්න. මේවා හොඳ පාඩම් අපිට ඉගෙන ගන්න. මේවයින් පාඩම් ඉගෙන ගෙන එවැනි වැඩ නොවන ආකාරයට අප වග බලා ගත යුතුයි. එයයි අපේ යුතුකම. ඇයි අපිට නිහතමානි වෙන්න බැරි වැරැද්ද වැරැද්ද යෑයි කියන්න. දුප්පත් හෝ පොහොසත් හෝ උගත් හෝ නූගත් සෑම කෙනකුගේම ආත්මගරුත්වයක් තිබෙනවා. අපි අපේ වැරැදි හදා ගනිමු. තාම කල් තියෙනවා වැරැදි හදාගෙන අලුත් වැඩපිළිවෙළකට යන්න.
අපි ජනතාවට කියනවා වවන්න කියලා. ජනතාව වවනවා. අලෙවි කරගන්න බැරිව ජනතාව අමාරුවෙ වැටෙනවා. සමුපකාරය මෙයට මුල්විය යුතුයි. ගමේ ජනතාවගේ ජන ජීවිතය ශක්‌තිමත් කරන්න නම් ගමේ තිබෙන බලවත්ම ආයුධය සමුපකාරය මුල් විය යුතුයි. අලුත් ගමනක් යැමට සමුපකාරය ලෑස්‌ති වෙන්නේ නැතිනම් ඒ සමුපකාරයෙන් කවදාවත් සේවයක් වෙන්නේ නැහැ.
Home Politics හිටපු අගමැති රාජපක්ෂගේ ඔලමොට්ටල වැඩ ගැන වටේ කියයි
හිටපු අගමැති රාජපක්ෂගේ ඔලමොට්ටල වැඩ ගැන වටේ කියයි
By Sri Lanka Guardian • December 29, 2010 • Breakingnews interviews Politics • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment