දිලීෂා අබේසුන්දර
1971 වසරේ ජූලි 3වැනිදා ස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ ඔදඅබිඩසකකැ ප්‍රදේශයෙහි උපත ලැබූ ජුලියන් වඩාත් ප්රකටව සිටින්නේ සුප්‍රකට විකිලීක්ස් වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘවරයා සහ ප්‍රකාශකයා ලෙසිනුයි. මෙල්බෝන් විශ්වවිද්‍යාලයේ ගණිත හා භෞතික විද්‍යාව හැදාරූ ඔවු 2005 වසරේදරී ඔස්ට්‍රලියානු ජාතික භෞතික විද්‍යා තරගාවලිය නියෝජනය කළ අයකු බවද පැවසෙනවා. දර්ශනය හා ස්නායු විද්‍යාව පිළිබඳවද අවධානයක් යොමු කළ ඔහු මුල් කාලරීනව වඩාත් ප්‍රකට වී ඇත්තේ පරිගණක මෘදුකාංග හරහා ග්‍රැෆික් හා වෙබ් අඩවි නිර්මාණ ශිල්පියකු ලෙසිනුයි.
වයස අවුරුදු 16 සිට Mendax යන අන්වර්ත නමින් යුතුව පරිගණක දත්ත සොරකම් කරන්නෙකු( හැකර්) ලෙස කටයුතු කළ ජුලියන් පසුකාලීනව වඩාත් සංවිධානාත්මකව එම කටයුතුවල නිරත වූ බවද පැවසෙනවා. එසේම වාර කිහිපයකදීම ස්ට්‍රේලියානු පොලිසිය ඔහුගේ ගේ නිවස වටලා තිබෙනවා 1992 වසරෙදි සිදුවූ අවසන් සිදුවීමකදී ජුලියන් නිදහස් වී ඇත්තේ ඕස්ට්‍රේලියානු ඩොලර් 2100 ද ගෙවීමෙන් අනතුරුවයි.
මේ වන විට ස්ථිර පදීංචියකින් තොරව විවිධ ස්ථානවල වරින් වර රැඳී සිටිමින් රහසිගත දිවියක් ගෙවමින් සිටින ඔහුට මෑතකදී ස්ත්‍රී දූෂණ චෝදනාවක්ද එල්ලවී ඇති බව පැවසෙනවා. ඒ හේතුවෙන්ම අන්තර් ජාතික පොලිසිය විසින් ඔහුට විරුද්ධව රතු දැන්වීමක්ද නිකුත් කර ඇති බවත් වාර්තා වී ඇති නමුදු මේ වන විට වාර්තා වී ඇත්තේ එය ඔහුටට විරුද්ධ සැලසුම්සහගත වැඩපිළිවෙළක් බවය.
වරින්වර ප්‍රසිද්ධියේ පෙනී සිටින ජුලියන්ට මේ වන විටද රටවල් ගණනාවකින් විවිධ සම්මාන පිරිනමා තිබෙනවා. ඇම්නෙස්ටි ජාත්‍යන්තර මාධ්‍ය සම්මානය 2009, සෑම් ඇඩම්ස් සම්මානය 2010 ඒ අතර පවතිනවා. නිව් ස්ටේට්මෙන්ට් නම් බි්රතාන්ය සඟරාව විද්යුත කලාව වඩාත් බලපෑම් කළ හැකි පුද්ගලයන් අට දෙනා අතරටද ඔහු තේරී සිටිනවා. හෙතෙම සුප්‍රකට Times සඟරාව විසින් තෝරා ගනු ලබන "2010 වසරේ පුද්ගලයා" සඳහා වන තරගයේ ඉදිරියෙන්ම සිටින පුද්ගලයා වීමද විශේෂත්වයකි
Post a Comment