කොරියන් අවුලේ අලුත්ම තත්වය
ඇමෙරිකාවේ සහ ජාත්‍යන්තරයේ ලොක්කෝ ඇත්ත නොදැන කතා නොකළ යුතුයි
දකුණු කොරියාව නැමති මුලධර්මයක් නැති අපරාධකරුවාට උදව් දීම යනු ඇවිලෙන ගින්නට තෙල් දැමීමකි
කොරියානු ජනතා හමුදාවේ අණදෙන නිලධරිවරයා විසින් දකුණු කොරියාවට එල්ල කළ
ප්‍රහාරය ගැන අති විශේෂ නිවේදනයක් නිකුත් කොට තිබේ. පෙරේරා නකුත් කර ඇතී නිවෙදනයේ පිටපතක් ලංකා ගාඩියන් වෙබ් අඩවිය වෙතද ලැබී තිබේ. එසේම ඊයේ එරට විදේශ අමාත්‍යාංශය විසින්ද නිකුත් කළ නිවේදනය අප වෙත ඒවා ඇත.
පෙරේද නිකුත් කළ අදාල නිවේදනයට අනුව, "පසුගිය නොවැම්බර් මාසයේ 23 වැනිදා පස්වරු 1.00 ට කොරියාවේ බටහිට වෙරළේ පිහිටි යෝන්පියෝන්ග් දූපත දෙසින් දකුණු කොරියාවට කත් අදින වුන් විසින් උතුරු කොරියාව යටතේ පාලනයේ ඇති භූමියට එල්ල කළ බියගුළු ප්‍රහාරය නොඉවසන තැන අපට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සිදු විය."
"උතුරු කොරියාවේ විප්ලවීය හමුදාවට අප භූමියට අයත් මුහුදු සීමාවද ආරක්‍ෂා කිරීමේ වගකීම පැවරී අති අතර එකේක රූකඩ කණ්ඩායම් විසින් එල්ල කරණ ප්‍රහාරවලට ක්ෂණිකව ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට අපි බැඳී සිටින්නෙමු. "
"එසේම හිස් කතා බස් වලට උතුරු කොරියානුවන් යොමුවන්නේ නැත," යයි ද සඳහන් කරණ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ උතුරු කොරියාවේ ආරක්ෂක බලධාරීන් ධීවර කටයුතු මුවාවෙන් තම පාලන ප්‍රදේශයට ඇතුළු වන බවයි.
මේ අතර ඊයේ එරට විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කොට ඇති නිවේදනය විසින් උතුරු කොරියාව එල්ල කළේ ප්‍රහාර නොව ප්‍රතිප්‍රහාර බව දැඩිව අවධාරණය කොට ඇත.
" අපේ හමුදාව අවස්ථා රැසකදී දැඩිව අවදාරණය කරනු ලැබු නමුත් ඒ කිසිවක් නොසලකා රූකඩ කණ්ඩායම් අපේ භූමි බාගයට ප්‍රහාර එල්ල කරනු ලැබුවා. එය ඉවසා සිටීමේ සිමාව ඉක්ම වූ කළ අපට ප්‍රතිප්‍රහාර දීමට සිදු වුණා."
" 1953 අගෝස්තු 23 වැනිදින එක්සත් ජාතීන්ගේ අනුමැතිය යටතේ ගිවිසුම් ප්‍රකාරව පිහිටුවා ගත් උතුරේ මුහුදු සීමාව නීති විරෝධිව ආක්‍රමණය කිරීමට කිසිවෙකුට අයිතියක් නැත," යැයි එහි වැඩිදුරත් සඳහන් කොට ඇත.
" ඇමෙරිකාව, වගේම ඒ ගොල්ලන්ගේ අනුගාමිකයෝ වගේම ජාත්‍යන්තරයේ සිටින ඇතැම් ලොක්කෝ යයි කියාගන්නා අයගේ මේ නරක පුරුද්ද ඇත හැරලා ඇත්තටම වුණු දේ ගැන සැලකිල්ලක් දක්වන්නේ නම් වැදගත් බව කිව මනාය."
" කිසිම මුලධර්මයක් නොමැති අපරාධ කාරයෙක් වන දකුණු කොරියාවට ඔවුන් කත් අදින්නේ නම් සිදුවන්නේ ඇවිලෙන ගින්නට තෙල් දැමීමක් පමණි," යැයි අදාල නිවේදන මඟින් අවධාරණය කොට ඇත.

Post a Comment