අන්තිමේදී රජු රණවිරුවන්ද පාවා දුන්නේය!

ටික්කාගේ කොලම

ඒ අය වැය අපට නොවේ. රජුගේම සුබ සිද්දිය සඳහා වෙම්යයි. ඔන්න ඉතින් රජු කැබිනෙට්ටුවට හිටපු මිහුණු වලම තැන් මාරු කරණ විට කිව්වේද බොරු අටෝප වියදම කපා හැරිය යුතු බවයි.

මොහොතකට සිතුනේ මේ අපේ ඒ රජුමද කියාය, නැත්තන් අර වෙල් ජින් ඒ කිව්වේ කසිප්පු වලින් සප්පායම් වීලා දොඩවනවද කියාය. හත් වලාමේ එසේ නොව හිසෙන් බහින රෝගයන් නැති උන් වහන්සේ හොඳ සිහියෙනි. ඒත් තමන් කරන දේවල් හැර අනික් අය කර කරගන්නවාට රජු කැමති නැති පාටය.

මට නිකමට මතක් වුණේ එදා සිරිමා මැතිනියගේ පුත්‍ර රත්නය, ඒ කිව්වේ අහෝ අර දිවංගත අනුර උන්නැහ බලාගන්න දාපු මැදමුලනේ අයියල ටික සෙට් වෙලා උන්දැව ගොම තැම්බක් කොරපු හැටි. උගේ ඔලුවට විෂබීජ දම්මවලා දෙහි ගෙඩි හතක් එක්ක හූනියම් කොරල උන්ගේ අක්කයි- උන්දැයි අතර අමනාප කම් හදපු හැටි.

අනේ අම්මපා ඔය නායක කම ගන්න කියල කීයක් නම් හූනියම් කොරාද? කි දෙනෙකුටනම් හෙන පාත් වෙයන් කියල නම් යැද්දාද? අනේ දෙයියනේ ඒ හෙන තමා දැන් මුළු රටටම පාත් වෙන්නේ. මුන්දාගේ කෙබර කෙලිල්ල. හරි හරි ඔය කතා පැත්තකින් තියලා අපු කාරණේ කියල ඉවර කොරන්න ඕනා.

ඔන්න රජා අයවැයක් දැම්මා. ආණ්ඩුවට සහ රජාගේ ගඳ ගහන රෙදි සෝදන අසුචි ගා ගත්ත ඌරන්ට නම ඒක මාර වැඩක්. වැඩේ රඟ ඉතින් තවත් අවුරුදු කිහිපයිකින් පෙනෙයිනේ. නැත්තන් ඉතින් අර යුද්දේ කරගෙන යද්දී මටනම් යන්න ඇමෙරිකාව හරි තියනවා කිව්ව අයියා මලොලගේ සැබෑ වෙස් මුහුණු ගැලවෙන්නේ නැතා.

ඔන්න අයවැයෙන් මේ ලංකාද්වීපය බෙදුම්වාදීන්ගෙන් මුදාගත් ඒ මහා රණවිරුවන් තාත්තා කෙනෙක් වුණ දාට, දරුවන් තිදෙනෙක් හදා ඇත්තනම් එම තුන්වැනි දරුවා රජුට අනුව වාසනාවන්තය. රජු තමන්ගේ වගේ එකතු කරගෙන කාබාසිනියා කරන මේ රටේ අහිංසකයින්ගේ බදු මුදලින් කොටසක් ඔවුන්ට දීම කැප බව කිව්වේය. මේවා විශ්වීය විහිලුය. කුපාඩි කමේ ඉහලම මට්ටමය. පෙර කාලේ මේ ලංකාද්වීපයේ අනුන්ගේ වැඩ වලින් ලකුණු දාගත් බොහෝ රජවරුන්ද අණ්ඩපාලලා මෙන් ලිස්ස ගියේ මෙවැනි සුත්‍ර වලිනි. එහෙව් රටක රණවිරුවනී ඔබලද ගැට කපන්නන්ගේ ගොදුරු මිස වෙන කිසිවෙක් නොවේ.

රටක් පාලන කිරීමට හූනියම් වලින් පමණක් නොහැකි බව කාට කාටත් අවබෝධ වෙත්වා. ඒවා තමන්ගේ පැත්තට කැරකිලා එන විට යන්න වෙන්නේ හොම්බෙන් බව අමතක නොවෙත්වා.

Tell a Friend