විශේෂ යන්ත්‍රයක් පැළඳ ජනාධිපති බ්‍රිතාන්‍යට

ජනාධිපති මහින්ද රාජපක්ෂ අද නිල සංචාරයක් සදහා බි‍්‍රතාන්‍ය බලා අද පිටත්ව ගියේ දින හතක් ජීවන් කරනු ලැබූ සුවිශේෂී යන්ත්‍රයක් රැගෙන බව අරලියගහ මන්දිර ආරංචි මාර්ග සඳහන් කරයි. කිසියම් තත්වයක් යටතේ හෝ බ්‍රිතාන්‍ය නීතියට අනුව අත්අඩංගුවට ගනිවී යයි බිය පහව යාමට සහ අශුභ දේවල් මඟ හැරීම සඳහා අදාල ගුරුකම කොට ඇති වාර්තා වේ. අදාල යන්ත්‍රය මතුරණ අවස්ථවේදී පවා හෙතම කියා ඇත්තේ තමන්ට සුද්දන් විශ්වාස කිරීමට නොහැකි බවය. එසේම නිල නිවසින් පිටවන අවස්තාවේදීද විශේෂ යාගයක් පැවැත් වූ බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කළේ අද පස්වරු 4.15 ට යූ.එල්. 509 දරණ යානයෙන් ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව ගිය බවයි. ජනාධිපතිවරයා දෙසැම්බර් 2 වැනිදා බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් සංගමය ඇමතීමට ද නියමිතයි. ජනාධිපතිවරයාගේ බි‍්‍රතාන්‍ය සංචාරය සම්බන්ධයෙන් මීට පෙර විවිධ මත පළ වූ අතර, ලන්ඩනයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ප‍්‍රකාශ කළේ, ඒ පිළිබඳ කිසිදු ගැටලූකාරී තත්ත්වයක් නොමැති බවයි.


Tell a Friend