ජපානයේ අධිකරණ ඇමතිවරයා ඉල්ලා අස් වෙයි

තමා වසින් ප්‍රකාශ කළ අදහසක් සැලකිල්ලට ගනිමින් ඇති වූ තත්වය හමුවේ ජපානයේ අධිකරණ ඇමති මිනොරු යනගිඩා තම දූරයෙන් අද ( 22/11) ධූරයෙන් ඉල්ලා අස් විය. එය අගමැති නෛටෝ ඛාන් ගේ ආණ්ඩුවට ප්‍රබල බලපෑමක් එල්ල විය හැකි කාරණයක් විය හැකි බව එරටින් ලැබෙන වාර්තා සඳහන් කරයි. තමා දූරයෙන් ඉල්ලා අස් වීම සඳහා හේතුව ඉදිරිපත් කළ ඇමතිවරයා කියා සිටියේ තමන් ඉල්ලා අස් වීමෙන් අගමැතිවරයා යෝජනා කොට ඇති පනත ඉකමනින් සම්මත කරගත හැකි වෙතයි අපේකෂා කරණ බව ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් ඇමතිවරයා පසුගිය 14 වැනිදා හිරෝශිමාවේදී ජනතාව හමුවේ කියා සිටියේ, "මේ අධිකරණ ඇමතිකම කියන්නේ හරිම ලේසි වැඩක්. කොයි වෙලේ හරි මට උත්තරක් නැති වෙලාවට මට ඒකෙන් ගොඩ එම සඳහා පාර්ලිමේන්තුව පාවිච්චි කළ හැකියි," ලෙසය. මේ හේතුවෙන් රටේ දේශපාලන කලබැගෑනියක් ඇති විය. කෙසේ වෙතත් අදාල අමතිවරයාගෙන් හිස් වන ඇමති දූරය කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන ලේඛම් යෝශිටෝ සෙන්ගුගු යටතට පත්වනු ඇති. Tell a Friend