කොරියන් යුද්ධයේ අලුත්ම තත්වය


උතුරු කොරියාවට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට දකුණේ නායකයාගෙන් අවසර

ජගත් සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය වහාම කැඳවයි

උතුරු කොරියාවේ පිහිටි මිසයිල මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා දකුණු කොරියාවේ ජනාධිපති ලි මුයන් මිට සුළු වෙලාවකට පෙර අවසර ලබා දුන්නේය. ඒ අනුව ඉදිරි පැය කිහිපය තුළ දෙරටේ අර්බුදය බිහිසුණු තතවයකට තල්ලු විය හැකි බව එරටින් ලැබෙන අලුත්ම වාර්තා සඳහන් කරයි.

තවදුරටත් උතුරු කොරියාව නොමනා අයුරින් හැසිරුණ හොත් එරට වෙරල තීරුවේ පිහිටි මිසයිල පද්ධති විනාශ කිරීම සඳහා දකුණු කොරියානු ජනධිපතිවරයා හමුදා ප්‍රධානි ජනරාල් හං මින් කූ හට අවසර ලබා දුන්නේය. මේ වනවිටත් ප්‍රහාර එල්ල කිරීම සඳහා F16 ප්‍රහාරක යානා ගුවන් ගත කොට ඇති බවයි.

මේ අතර කොරියා අර්ධද්වීපයේ ඇති වී තිබෙන තත්වය ගැන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි හමුවීමක කැඳවා ඇත. මේ වනවිටති චීනය හැර එහි සියලුම ස්ථිර සාමාජිකයින් ප්‍රහාරය හෙළ දැක ඇත. නමුත් චීනය සඳහන් කොට සිටියේ පවතින තත්වය ගැන සලකා බලමින් සිටින බවයි. Tell a Friend