විදුලි බිල වැඩිකිරීම සඳහා චම්පික සුත්‍රයක් සොයා ගනියි

විදුලි බලය උත්පාදනය සඳහා ලංකා ඛණිජ තෙල් සංස්ථාව සහන මිලට ලබාදුන් ඉන්ධන මිල ඉහළ දැමීම නිසා විදුලි බල මණ්ඩලයට මසකට රුපියල් බිලියනක පාඩුවක් සිදුවන බව විවුර්ත විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය වරයෙකු මෙන්ම වත්මන් ආණ්ඩුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. අමාත්‍යවරයා පවසා ඇත්තේ රුපියල් 26 ක සහන මිලක් යටතේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලබාදුන් මෙම ඉන්ධන ලීටරයක් පසුගිය සැප්තැම්බර් මස සිට රුපියල් 40 මිලකට ඉහළ දමා ඇති බවයි. මෙම තත්ත්වය හමුවේ ඉන්ධන දහනයෙන් විදුලිය නිෂ්පාදන කිරිමේදී විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවද අමාත්‍යවරයා පවසා ඇත. කෙසේ වෙතත් මෙම ඉන්ධන සහනාධාරය පිළිබඳ ගැටලූව නිසා ගෘහස්ථ විදුලි ඒකකය මිල ඉහළ දැමීමට සිදුවන බව ඔහු තම සුත්‍රය අවසානයේදී මහජනතාවට විද්‍යාත්මකව පෙන්වා දෙනු ලැබිය. Tell a Friend