ඒක බොරුවක් - ඊජිප්තු ජනාධිපතිගෙන් ප්‍රතිචාර

තමන් ඉතියෝපියාවේ කැරලිකරුවන්ට සහය ලබා දෙන බව පැවසීම අමුලික අසත්‍යක් බව කියා සිටින ඊජිප්තු ජනාධිපති හොස්නි මුබාරක් ඉතියෝපියානු නායකයා බොරු චෝදනා එල්ල කොට ඇතැයි සඳහන් කළේය. පසුගිය අඟහරුවාදා රෝයිටර් පුවත් ඒජන්සිය සමඟ පැවති සම්මුක සාකච්චාවකදී ඉතියෝපියාවේ අගමැති මෙලෙස් සෙනවි කියා ඇත්තේ එරට කැරලිකරුවන්ට සහය දෙන්නේ ඊජිප්තුව බවයි.

ඊජිප්තුව සහ ඉතියෝපියාව අතර නයිල් නදියේ වතුර බෙදා ගැනීම කරණ කොට ගෙන ප්‍රශ්න ඇති වූයේ මීට බොහෝ කාලයකට පෙරය. එසේම අධිරාජ්‍යවාදී සමයේ සිට ඇති කරගත් ගිව්සුම් වලින් ඉතියෝපියාවට අසාදාරණයක් සිදු විය. එහි ප්‍රතිපලය වූයේ නයිල් නදියේ ජලයෙන් 90% සුඩානයට සහ ඊජිප්තුවට ලැබීමය.

Tell a Friend