හඳුන්නෙත්තිට කණගාටුව ප්‍රකාශ කළ විදෙස් යුවල රටින් පිටුවහල් කරයි

පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඇතුළු පිරිසට යාපනයේ දී කළ පහරදීම හෙළා දකිමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ව්‍යාපාරය මඟින් නොවැම්බර් 16 දා කොටුව දුම්රියපල ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයට සහභාගි වීම යන චෝදනා යටතේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් ලෙබනන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී තරුණ සංගමයේ සභාපති මොහොමඩ් හොටෙට් සහ ඔහුගේ බිරිඳ රටින් පිටුවහල් කළ බව වාර්තාවේ.

මෙම විදේශ යුවල අත්අඩංගුවට ගෙන ඇත්තේ, කටුගස්තොට හෝටලයක නවාතැන් ගෙන සිටියදී වන අතර ඔවුන් පසුගිය 14 වෙනිදා ලංකාවට පැමිණ ඇත්තේ, පෞද්ගලික සංචාරයක් සඳහායි.

ජාත්‍යන්තර දේශපාලන සම්මන්ත‍්‍රණවලදී දැන හඳුනාගත් හඳුන්නෙත්ති මහතාට පහරදී ඇති බව ලංකාවට පැමිණි අවස්ථාවේ පුවත්පත් මඟින් දැක එම පහරදීමට එරෙහිව කොටුවේ පැවැති උද්ඝෝෂණයට ඔහු සහ ඔහුගේ බිරිඳ සහභාගි වූ බව හොටෙට් මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති කටඋත්තරයේ සඳහන් වන බව වාර්තාවේ. - LankaTruth Tell a Friend