නිල චිත්‍රපට රඟපාපු අයගේ සෙයරූ ප්‍රසිද්ධියට පත් කිරීමට අධිකරණයේ අවසර

රඟපෑ අයගෙන් 400 හඳුනගේනලු, 83 දෙනෙකුගේ සෙයරූ ළඟදීම මාධ්‍යට

ලිංගික දර්ශන සඳහා වෙබ් අඩවිවල පෙනී සිට ස්ථිරවම හඳුනා ගත් පුද්ගලයන් 83 දෙනෙකුගේ ඡායාරූප මාධ්‍ය මගින් ප‍්‍රචාරය කිරීමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය අද අවසර ලබා දුන්නේය. ඒ, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි. මීට පෙර අධිකරණ නියෝගයකට අනුව, අසභ්‍ය වෙබ් අඩවි 847ක් තහනම් කරනු ලැබූ අතර, ඉන් 180ක ශී‍්‍ර ලාංකික පුද්ගලයන් පෙනී සිටිති. ඒ අතුරින් කාන්තාවන් සහ පිරිමින් 400 දෙනෙකු හඳුනා ගෙන ඇති බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය අද අධිකරණයට දැනුම් දුන්නේය. එම පිරිසෙන් 83 දෙනෙකු මේ වනවිට ස්ථිර වශයෙන්ම තහවුරු කරගෙන තිබෙනවා. ඔවුන්ගේ ඡයාරූප මාධ්‍ය මගින් ප‍්‍රචාරය කිරීමට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය අවසර ඉල්ලූ අතර, ඒ අනුව කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේය. Tell a Friend