සිසුවිය අපයෝජනය කළ විදුහල්පති දසවසක්‌ හිරේ

එම්. බී. පහළවත්ත

වයස අවුරුදු නවයක පාසල් ශිෂ්‍යාවක්‌ ඇය ඉගෙනගත් පාසල තුළදී අපයෝජනයට ලක්‌කළ එම විදුහලේ විදුහල්පතිවරයකුට කෑගල්ල මහාධිකරණ විනිසුරු කේ. එච්. සුමිත්‍රපාල මහතා විසින් බරපතල වැඩසහිතව අවුරුදු දහයක සිර දඬුවමක්‌ ද, රුපියල් පන්දහසක දඩයක්‌ ද, අපයෝජනයට පත් දැරියට වන්දි වශයෙන් රුපියල් ලක්‍ෂයක මුදලක්‌ ද ගෙවීමට නියම කරන ලදී.

දඩ මුදල වන රුපියල් 5000 නොගෙවන්නේ නම් මාස තුනක ලිහිල් සිර දඬුවමක්‌ ද වන්දි මුදල වන රුපියල් ලක්‍ෂයක මුදල නොගෙවන්නේ නම් තවත් එක්‌ අවුරුදු ලිහිල් සිරදඬුවමක්‌ ද නියම කෙරිණි.

මෙසේ සිර දඬුවම් නියම වූයේ දැරණියගල කොස්‌ගහකන්ද විදුහලේ විදුහල්පතිවරයකු වූ එම්. සෝමතිලක නම් 53 හැවිරිදි අයකුටය.

1999 වර්ෂයේදී එකල එම පාසලේ 5 වසරේ ඉගෙනුම ලත් නව හැවිරිදි දැරියක මෙසේ අපයෝජනයට ලක්‌වී තිබිණි.

මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ ජයනී වෑගොඩපොල මහත්මිය හා විත්තිය වෙනුවෙන් නීතිඥ රුක්‌මල් බණ්‌ඩාර මහතා පෙනී සිටියහ. Tell a Friend