ඔබාමා ඉන්දුනීසියාවේ: මුස්ලිම් ලෝකය සමඟ යාලුයි කියයි

එක්සත් ජනපදයේ ජනාධිපති බැරක් ඔබාමා තමන්ගේ තෙදින ඉන්දීය සංචාරය නිමකරමින් අද ඉන්දුනීසියාවට පැමිණියේය. ලේකයේ විශාලතම මුස්ලිම් රාජ්‍ය ලෙස සැලකෙන ඉන්දුනීසියාවට පැමිණි හෙතම එහිදී එකසත් ජනපදය සහ මුස්ලිම් රටවල් අතර ඇති අවිස්වාශය නිසා සම්බධතා පලුදු වී ඇති බවයි.

මෙලෙස ඉන්දුනීසියාව පැමිණ හෙතම තමන් කුඩා අවදියේදී ඉන්දුනීසියාවේ ගත කළ ජීවිතය ගැන කතා කිරීමටද අමතක නොකළේය. එසේම එහිදී ඉන්දුනීසියානු ජනාධිපති යුධයෝනෝ හමු වූ ඔබාමා කියා සිටියේ දෙරටේ සම්බන්ධතා පුළුල් කර ගන්නා අතර මුස්ලිම් රාජ්‍යන් සමඟ ඇති අනවබෝධ සහ අවිස්වාශයන් සම්පුර්ණයෙන්ම නැති කර දැමීම තම බලාපොරොත්තුව බව අවධාරණය කළේය.

එසේම දෙරට අතර ආර්ථික සහ ආරක්ෂක ගිවිසුම් රැසකටද දෙපාර්ෂවය විසින් අත්සන් කරනු ලැබුහ.

ජනාධිපති ඔබාමා බටහිර සහ මුස්ලිම් ලෝකය සමඟ ඇති අර්බුධයට හේතුව ආගමික අන්තවාදය බව සඳහන් කළ අතර එය යලි සාමාන්‍ය මට්ටමට ගැනීමට නම් ආරක්ෂක කටයුතු වලින් ඔබ්බට ගිය යුතු බව සඳහන් කළේය. එසේම ඊශ්‍රායලය විසින් නැගෙනහිර ජෙරුසෙලමේ තවත් නිවාස 1,300 ක් ඉදිකිරීමට බලාපොරොත්තු වීම ඔහුගේ දැඩි දේශ දර්ශනයට ලක් විය. " එවැනි කටයුතු සාමකාමී සාකච්චාවක් සඳහා කිසි ලෙසකින් උදව් වන්නේ නැහැ," යැයි ජනධිපති ඔබාමා සඳහන් කළේය. Tell a Friend