මියන්මාරයේ විපක්ෂ බලවේගවලට සමඟි වන්නැයි අවුන්සාන් සුකී ඉල්ලයි

යැන්ගොන්හිදී - ඒ.එෆ්.පී.

වසර 15ක් නිවාස අඩස්සියේ පසු වී ඉකුත් සෙනසුරාදා නිදහස ලත් මියන්මාර විපක්ෂ නායිකා අයුන්සාන් සුකී විසිරී සිටින විපක්ෂ බලවේග අමතමින් සමඟි වන ලෙස ඉල්ලා සිටියා ය.

‘අප වෙනුවෙන් ඔබේ බලශක්තිය රැකගන්න.අප එකට එක්ව කටයුතු කළොත් අපේ අරමුණ සපුරා ගත හැකිවේවි’ යැයි ඇය පැවසුවේ ඇගේ පක්ෂ මූලස්ථානය අබියසට රොක්වූ ජන ගංගාවටය.

65 හැවිරිදි නොබෙල් ත්‍යාග ලාභිනියක වන ඇය වැඩිදුරටත් කීවේ රටේ පවත්නා ප්‍රජාතන්ත්‍රීය බලවේග සමඟ එක්ව කටයුතු කිරීම ඇගේ අරමුණ බවය.

“මානවහිමිකම් ගැන මෙන්ම නීතියේ ආධිපත්‍ය ගැනත් මා දැඩිසේ විශ්වාස කරනවා. ජනතාවගේ හඬට මා සවන් දෙනවා. ඉකුත් මැතිවරණයේ සාධාරණත්වය පිළිබඳ ප්‍රශ්න මතුව ඇති අතර ඡන්ද වංචා කළ බවට ද චෝදනා තිබෙනවා. මේ සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජතික ලීගයේ කමිටුවක් මඟින් පරීක්ෂණයක් කොට එහි වාර්තාව ජනතාවට ඉදිරිපත් කරනවා” යැයි ඇය කීවා ය; Tell a Friend