ජනාධිපතිවරයාගේ වගකීම ඉටුවූවාද යන්න ප‍්‍රශ්නයක් - මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි

- විමලනාත් වීරරත්න

රට මේ වන විට දේශපාලනික වශයෙන් අභ්‍යන්තරිකව මෙන්ම බාහිරවද අභියෝගාත්මක තැනකට පත්වී තිබෙනවා. මෙම දේශපාලන කාර්තුව පිළිබඳව ඔබ වහන්සේගේ තේරුම් ගැනීම මොකක්ද?
 
තිස් වසරක යුද්ධය නිසා රටේ පැවැති අස්ථාවර තත්ත්වය දැන් අවසන්ව තිබෙනවා. ශ‍්‍රී ලංකා පොළොවේ පැවැති යුද්ධය අවසන් වුණාට කාලයක් ගතවනතුරුම බටහිර බලවේග ලංකාවට යුදමය වශයෙන් ලැබුවේ සුවිශේෂ ජයග‍්‍රහණයක්ය කියන එක පිළිගන්න සූදානම් වුණේ නැහැ. ලෝකයේ පවතින ත‍්‍රස්තවාදය ¥රිභූත කරන්න ලංකාවෙන් ලැබුණේ ප‍්‍රශංසනීය ආරම්භයක් කියන එක කවුරුවත් පිළිගත්තෙ නැහැ. පසුගිය කාලය තුළ ආගමික නායකයන් හැටියට අපි ඉතාලිය, ප‍්‍රංශය, එංගලන්තය හා තවත් යුරෝපීය රටවල් කිහිපයක ඨීඡු ූ ගැන සාකච්ඡුාවකට ගියා. නමුත් ඒ කිසිම තැනකදී අපි ත‍්‍රස්තවාදය නැති කරපු එක ගැන කිසිම ප‍්‍රශංසාවක් ලැබුණේ නැහැ. යුද ජයග‍්‍රහණයට එවැනි වටිනාකමක් නොලැබුණා සේම යුද්දෙන් පසුව දේශපාලන මතිමතාන්තර පසෙක ලා රට සංවර්ධනය කිරීම, යුද්ධයෙන් පීඩාවට පත් දෙමළ ජනයාට නැති වූ දේවල් නැවත ලබාදීම, ඔවුන් සංස්කෘතිකමය හා ආර්ථිකමය වශයෙන් නගා සිටුවන්නට තරම් ශක්තිමත් වාතාවරණයක් මේ රටේ ගොඩ නැගුණේ නැහැ. ඒකට ආණ්ඩුව අනුගමනය කළ ක‍්‍රියාදාමයන් බලපෑවාද, ජාත්‍යන්තරව අපට එරෙහිව කළ සිරකිරීම් බලපෑවාද කියන එක විමර්ශනය කළ යුතුයි. යුද්ධය ඉවර වෙලා වසරකුත් මාස ගාණක් ගිය තැන හරි නම් මේ වන විට අපි අර්බුදවලින් තොරව සතුටින් සිටින ජනතාවක් ජීවත්වන රටක් බවට පත්වෙන්න ඕන. මේ පසුගාමී තත්ත්වයට වගකිව යුත්තේ රජයද විපක්‍ෂයද වෙනත් පාර්ශ්වයක්ද කියලා නම් කරන්න මම කැමති නැහැ. නමුත් කවර හෝ දෝෂයක් මෙතන තිබෙනවා කියන එකනම් කිව හැකියි.

ආණ්ඩුව 18 වැනි සංශෝධනය වැනි පියවරයන් හරහා හුදෙක් දේශපාලන බලඅධිකාරය ගොඩනගා ගැනීමට යෑම, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය වන උපාය මාර්ග කරා යෑම වැනි කටයුතු ඉහත තත්ත්වය උත්සන්න කළා නේද?

අපි විරුද්ධ පක්‍ෂය දෙසට හැරුණොත් හැම කාලෙකම මේ රටේ විරුද්ධ පක්‍ෂයට අරමුණු දෙකයි තිබුණේ. එකක් ආණ්ඩුවක් පත්වෙලා මාසයක් යන්න කලින් ඒ ආණ්ඩුව පෙරළන්න ඒන කියන ස්ථාවරයට ඒම. ඊළඟට තමන් කොහොමද ඉක්මනින් බලයට එන්නෙ කියන එක. මේක ලංකාවේ තියන දේශපාලන රෝගයක්. විරුද්ධ පක්‍ෂය උද්ඝෝෂණය හා විරෝධතා ව්‍යාපාර පවත්වන එක වැරදියි කියලා මම කියන්නෙ නැහැ. නමුත් ආණ්ඩුවක් පත්වූ ගමන් රටේ සංවර්ධනය, නීතිය හා සාමය රැුකීම, වැනි ජනතාවගේ පැත්තෙන් වැදගත් වන විෂයයන් පිළිබඳව විපක්‍ෂයක් කෙසේ ක‍්‍රියා කළ යුතුද කියන එක ගැන චින්තනයක් නැහැ.

ඊළඟට යුද්ධය අවසන් වූ ගමන් ජනාධිපතිතුමාට ලොකු වගකීමක් තිබුණා යුද්ධයෙන් සිදුවූ පීඩාවන් සමනය කිරීම වගේම අනෙකුත් පක්‍ෂ සමගත් සුහදව ගනුදෙනු කළ හැකි පසුබිමක් හදාගැනීම. යුද්ධයෙන් පසුව ජනාධිපතිතුමාට සහ විපක්‍ෂයට එකට වැඩ කරන්න අවස්ථාව ලැබෙන බවත් පෙනී ගියත් පසුව ඒ අවස්ථා වැළැකී ගියා. ජනාධිපතිතුමාට සහ රජයට තිබුණා දේශපාලන වාසියක් ලබා ගන්නවා කියන අදහසින් තොරව විරුද්ධ පක්‍ෂ අනෙකුත් කණ්ඩායම් සහ සිවිල් සමාජ කොටස් එකතු කරගෙන පූර්ව සැලසුමක් ලෙස වසර දෙකක් භේද නොසලකා රටේ ප‍්‍රගමනය වෙනුවෙන් වැඩ කරන්න. නමුත් හැම දෙයක් කෙරෙහිම දේශපාලන කෝණයෙන් බැලීම නිසා ඒ අවස්ථාව මඟ හැරී ගියා. යුද්ධය ඉවර වූ ගමන්ම මැතිවරණ කිහිපයක් එක දිගට පැවත්වීමත් රටේ ඇති වූ සමගි සම්පන්නභාවයට හානියක් වුණා. ඒ වෙලාවෙ ඡුන්ද නෙමෙයි මිනිස්සුන්ට ඕනෙ වෙලා තිබුණේ. ජනාධිපතිවරණයක් ඕනෙ වෙලා තිබුණෙත් නැහැ. නමුත් පැවැත්වූවා. වර්තමාන තත්ත්වය උද්ගත වෙන්න ඉහත කී සියලූ කාරණා බලපෑවා.

අද සිවිල් සමාජයට කාර්යභාරයක් ඉතුරු වෙලා තිබෙනවාද?
ලංකාවේ අද සිවිල් සමාජ නායකයන් ඉතාම නිෂ්ක‍්‍රීයයි. සිවිල් සමාජ ක‍්‍රියාධරයන් ස්වාධීනව යම් යම් කාර්යභාරයන් කරගෙන යනකොට දේශපාලනඥයන් විසින් ඔවුන්ගේ ඒ ස්වාධීනත්වයට බාධා කළා. ඒ නිසා සිවිල් සමාජයේ අයට රට නිවැරදි කරන්න ප‍්‍රබල හඬක් නගන්න බැරි වෙලා තිබෙනවා. මේ තත්ත්වය මෑත අතීතයේදීත් අපි දැක්කා. සමහර සිවිල් සමාජ නායකයින් හොඳින්, ස්වාධීනව කටයුතු කරගෙන ගිහින් දේශපාලන වේදිකාවක නතර වෙනවා. අද යුද්ධය හා ත‍්‍රස්තවාදය නැති වුණාට එක්තරා භීෂණයක් තිබෙනවා. ඒ කියන්නේ මිනිසුන්ට වැඩිය කතා කළොත් බලාගෙනයි කියන ආකාරයේ මැර හෝ මාෆියා කියන වචනවලින් හැඳින්විය හැකි පිරිසකගෙන් තර්ජනයක් එල්ල වෙමින් තිබෙනවා. ඔය ප‍්‍රවනතාව 77න් පසු අපි හඳුනගත්තු නරක තත්ත්වයක්. ඇත්තටම රට පාලනය වන්නේ අපි ළඟට ඡුන්දෙ ඉල්ලන්න ආපු සුදු ඇඳපු දේශපාලනඥයා අතින් නොවෙයි. ඔහු පිටුපස සිටින වෙනත් කණ්ඩායමක ක‍්‍රියාකාරීත්වයෙන්. ඇමතිවරු පවා රජයේ සේවකයින්ව ගස් බඳින තත්ත්වයක් තුළ සිවිල් සමාජය නිහඬවෙන එක අහන්න දෙයක් නෙමෙයි. මීට වසර 30-40 කට පෙර එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ. ප‍්‍රගතිශීලී වැඩකටයුතු හා අදහස් වෙනුවෙන් මිනිස්සු විවේචනශීලීව පෙනී සිටියා. වෙනත් රටවල්වල ප්‍රෙෂර් ගෘප්ස් තියෙනවා. අපි එහෙම එකක් හැදුවොත් අන්තිමට අපි කවුරුවත් දන්නෙම නැතුව ඒක කොහේ හරි යන කබල් දේශපාලනඥයකුගෙ අතකොළුවක් වෙනවා.

18 වැනි සංශෝධනය නිසා ජනාධිපතිවරයාට අනවරත බලයක් ලැබෙනවා. මේ තත්ත්වය රට නව දිසාවකට හරවයිද?
ඕක දෙපැත්තටම විවාද කළ හැකි සංශෝධනයක්. මේ වතාවේ සංශෝධණය වුණේ ජයවර්ධන මහතා හඳුන්වා දුන් ව්‍යවස්ථාවනෙ. ඒක සර්වතෝභද්‍ර එකකුත් නෙවෙයිනෙ. ඒ ව්‍යවස්ථාවෙන් තමයි මේ රට විනාශයට හෙළන ආරම්භය ඇති වුණේ. මේකට සංශෝධන ගණනාවක් ආවා. ඒ හැම එකක්ම කෙරුණේ ආණ්ඩු පක්‍ෂයට වාසි වන විධියට. ඒ කියන්නෙ මන්ත‍්‍රීවරයෙක් විපක්‍ෂයෙන් ආණ්ඩුවට ගියොත් මන්ත‍්‍රීකම රැුකෙනවා. ආණ්ඩුවෙන් එළියට පැන්නොත් මන්ත‍්‍රීකම නැතිවෙනවා. එහෙම බලනකොට මේක හරිම ව්‍යවස්ථාවක්. ජේ.ආර්. මහතා ජනාධිපතිකෙනකුට දෙවරයි ඉල්ලන්න පුළුවන් කියන නීතිය ගෙනාවෙ යහපත් චේතනාවෙන් නෙවෙයි. තමනගෙ වයසත් ඒ වෙනකොට 72ක් නිසා හුඟක් කල් තනතුර දරන්න බැරි බව තේරුණ නිසයි. ඒ නිසා දෙවාරය ස්වර්ණමය ෙඡ්දයක් කියලා මම හිතන්නෙ නැහැ. නරක පාලකයකුට මේ බලතල මත දෙවරක් ඕනෙ නැහැ එක වරක් ඇති රට විනාශ කරන්න. හොඳ මනුස්සයෙක් ආවොත් සංවර්ධනය කරන්න පුළුවන්. 18 වැනි සංහෝධනය ගැන මට මෙබඳු උපකල්පනයක් තිබෙනවා. ඕනෑම ජනාධිපතිවරයෙක් දෙවැනිවර ධුර කාලයට පත්වුණාට පස්සේ රටේ කවුරුත් දන්නවා එයාගෙ ගමන ඒ වසර හයෙන් පසු ඉවරයි කියලා. නායකයා වුණත් ඒ හැඟීමෙන් පසු ඔහු අවලංගුයි. බොහෝ අය ඔහුව අතහැර ඊළඟට එන්න ඉන්න නායකයා වටේ පෙළ ගැසෙනවා. මේ අදහස පෙරදැරිව රාජපක්‍ෂ ජනාධිපතිතුමා වැඩ කරන්න ඇති කියලයි මට හිතෙන්නෙ. ඒ කියන්නෙ ඔහුට අවශ්‍යයි අභියෝගයක් නැතුව වැඩ කරන්න. චන්ද්‍රිකා මැතිනියගෙ දෙවැනි ධුර කාලයේදී පක්‍ෂයේ අය එතුමියගෙන් ගැලවී ගියා. පක්‍ෂය පවා කඩාගෙන ගියා. මේ තත්ත්වය වළක්වාගන්න රාජපක්‍ෂ ජනාධිපතිවරයාට අවශ්‍ය බවයි 18 වැනි සංශෝධනයේ අරමුණක් ලෙස පෙනෙන්නෙ. මෙතනදි වුණේ ජනාධිපතිකම දිගු කර ගැනීම නොවෙයි, නැවත වතාවක් තනතුරට ඉල්ලීමේ අවස්ථාව ලබාගැනීමයි. මහජනයා තීන්දු කරන්න ඒන මෙම චේතනාව සාධාරණද අසාධාරණද කියන එක.

දෙවැනි වතාවේදී දිනනවා වගේම සියලූ බලතල රඳවාගෙනයි තෙවැනි වතාවේදීත් ජනාධිපතිවරයා ඡුන්දෙට යන්නෙ. මේ තත්ත්වය තුළ ඔහු පරාදවිය නොහැකි වීම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පසුබිමක් නිර්මාණය වීමක් නේද?


ඔව්, ඒක ප‍්‍රශ්නයක් තමයි. එය ව්‍යවස්ථාවේ තිබෙන විශාල දෝෂයක්. අපි කවුරුත් එකතුවෙලා ඒ දෝෂ නිදොස් කර ගන්නෙ නැත්තෙ ඇයි? බංග්ලාදේශය පවා මැතිවරණයක් පවත්වන්නෙ භාරකාර ආණ්ඩුවක් යටතේ. ඒක හොඳ තත්ත්වයක්. විශේෂයෙන් ජනාධිපති ක‍්‍රමයක් තිබෙන රටක අනෙකුත් ස්වාධීන ආයතනවල බලය ජනාධිපති බලතල හමුවේ අක‍්‍රීය වෙනවා. කොච්චර ස්වාධීන කිව්වත් මැතිවරණ කොමසාරිස්ගෙ බලතල පොලිසියේ බලතල යනාදිය අක‍්‍රීය වෙනවා. ජනාධිපති හෝ අගමැති බලයේ සිටියදී ඡුන්දයකට යන විට රාජ්‍ය සම්පත් භාවිත කරලා මැතිවරණය කරන්න ඔවුන්ට ලැබී තිබෙන බලය සම්පූර්ණයෙන් අහෝසි වෙන්න ඕන. අපි එතනට නොගියොත් හැමදාම අන්තිම අසමාන තරගයක් තමයි දකින්න වෙන්නෙ. විශේෂයෙන්ම ජනමාධය, බලය දරන්නාගේ අතේ තබාගෙන ඡුන්දයට යෑම අන්තිම නරක වැඩක්. පාලකයා පන්සලක උත්සවයකට ආවත් තමන්ගෙ මාධ්‍යයේ ඒක දේශපාලන වාසියක් ලැබෙන හැටියට පළ කළ හැකියි.

යම් හෝ සහනයක් ලෙස පෙණුනු ස්වාධීන කොමිෂන් සභා නව තත්ත්වය තුළ අහෝසි වීම ඔබ වහන්සේ දකින්නේ කොහොමද?

18හි තවත් දුර්වලතාවක් තමයි කොමිෂන් සභා අවලංගුවීම, වෙනත් කොමිෂන් සභා කීපයක් නව සංශෝධනයෙන් හඳුන්වා දී තිබෙනවා. ඒ කොමිසමට පත්වෙන්නෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු. හැම වෙලාවෙම පස් දෙනකුගෙන් තිදෙනෙක් ආණ්ඩු හිතවාදීන් ලෙස මේකෙදි පත් වෙනවා. කොහොමටත් පාර්ලිමේන්තු කාරක සභාවලත් එකක් හරි ආණ්ඩුවට වැඩි බලයක් එන ලෙස තමයි සකසා තිබෙන්නෙ. මොකද විපක්‍ෂයට වැඩි බලයක් තිබෙනවා නම් කිසිම දෙයක් රටේ ක‍්‍රියාත්මක කරන්න බැරි වෙනවා. පෙර පැවැති 17 වැනි සංශෝධනයෙත් අඩුපාඩුකම් රැුසක් තිබුණා. ඒක අසාර්ථක වීම ගැනත් රජය සහ විරුද්ධ පක්‍ෂය කියන දෙපිරිසම වගකිව යුතුයි. ජනාධිපතිවරයාත් තමන් පත් කළ යුතු සාමාජිකයින් පත් කළේ නැහැ. විරුද්ධ පක්‍ෂයේ අයත් ප‍්‍රශ්න කිරීම් කර කර හිටියා මිස ඒක බලගන්වන්න උනන්දු වුණේ නැහැ. ඇත්තටම එමගින් ජනාධිපති බලය එක්තරා ප‍්‍රමාණයකට සීමා වෙනවා. මේ වගේ ව්‍යවස්ථාවක් අනුව රටක් පාලනය කරන කිසිම ජනාධිපතිවරයෙක් තමන්ගෙ බලය සීමා කෙරෙන තත්ත්වයක් ඉවසන්නෙ නැහැ. අපි නිදර්ශනයක් හැටියට පොලිස්පතිවරයාගේ භූමිකාව ගමු. රටේ නීතිය හා සාමය රකින ආයතනයේ ප‍්‍රධානියා ඔහු. පොලිස්පති ලෙස කොමිසමක් හරහා ජනාධිපතිවරයාට විරුද්ධ අයෙක් පත් වුණොත් ඒක ලොකු අර්බුදයකට පාර කපන්නක් නොවෙයිද? මම 17 බැහැර කළ යුතුයි කියලා කියන්නෙ නැහැ. නමුත් එය ප‍්‍රායෝගික තලයට ගේන්න අපිට බැරිවුණා. 17 ගැන ආණ්ඩුවත්, විපක්‍ෂයත් මීට වඩා සද්බාවයෙන් සිතිය යුතුව තිබුණා. ඒ වගේම 18 වැනි සංශෝධනයත් නරක ප‍්‍රතිඵල ඇති කර දෙන්න පුළුවන්. ජනාධිපතිවරයා ඒ ගැන සද්බාවයෙන් ක‍්‍රියා කළේ නැත්නම් ඔහු මේ බලය හරහා සාධාරණ පාලකයෙක් බවට පත්වෙයිද නැද්ද යන්න පිළිබඳව ජනතාවට තමයි තීන්දුවක් ගන්න වෙන්නෙ.

ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට ජන අනුමැතිය තිබියදී ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස සීමා කරන අණ පනත් ගේන්නෙ මොකටද?


යුද්ධය දිනපු ගමන් ජනාධිපතිධුර කාලය දිගු කර ගැනීමට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට ප‍්‍රබල අවශ්‍යතාවක් නැහැ. නමුත් මේ වසර හය සඳහා ජනාධිපතිතුමා තුළ යම් සංවර්ධන සැලැස්මක් තිබෙනවා නම් බාධාවකින් තොරව එය කරා ගමන් කරන්න මට මේ බලය අවශ්‍යයි කියන අදහසේ සිට මේ දේ කරන්න ඇති. එහෙත් ජනාධිපතිතුමාට ජනතා ප‍්‍රසාදය ඕනෑවටත් වඩා තිබෙන නිසා අලූත් නීතිරීති අණ පනත් ගේන්න කල්පනා නොකර රට සංවර්ධනය කිරීමට, ජාතික ආදායම වැඩිකර ගැනීමට වැඩපිළිවෙළක් සකස් කරන්නයි තිබුණෙ. යුද්ධය අවසන් නිසා එහි ප‍්‍රතිලාභ ජනයාට ලැබිය යුතුව තිබුණා. බඩුමිල තරමක් හෝ අඩුවෙන්න ඕන. යුද්ධයට කළ කෝටි ගාණක් වියදම නැවතුනා කියලා ඒක මහජනයාගේ ඇඟට දැනෙන්නෙ නැහැනෙ. අපි කඩ පොළට ගියාම ඒක තේරෙනවනෙ. ඒ පැත්ත වගේම රටේ කෘෂිකර්මය සහ වෙනත් වෘත්තීන්හි නැගීමක් කරායි රටක් හැටියට අප යායුත්තේ. වෙන දෙයක් නැතත් මේ රටේ සිදුවන ¥ෂණය හා නාස්තිය නතර කළත් ඒ ඇති. ජනාධිපතිතුමාට තිබෙන බලතල අනුව නම් රටේ හැම තැනම සිදුවන දුෂණය ඉක්මනින් නැවැත්විය හැකියි. ගම් සභා පාර හැදීමේ සිට අධිවේගී මාර්ගය හැදීම දක්වා කොමිස් ගැහිල්ල ක‍්‍රියාත්මකයි. අයෝජකයන් එයි කියලා බලාපොරොත්තු වුණාට ඔවුන් එන්නෙ නැහැ. මොකද ව්‍යාපෘති අරඹන්න දෙන්න ඔවුන්ගෙන් අපේ බලධාරීන් ඉල්ලන කොමිස් ඉතා වැඩියි. මේ සියල්ල ඇත්තේ හම්බන්තොට වරාය, ගුවන්තොටුපළ, පාරවල් හැදෙනවා තමයි. නමුත් ¥ෂණය නිසා සංවර්ධනය පරිපූර්ණ වන්නේ නැහැ. ¥ෂිතයින් ගැන කොමිෂන් දාලා පත්තරවල වාර්තා පළ කළා මිසක් ඒ එක ¥ෂිතයෙකුටවත් හරි දඬුවමක් තවම දීලා නැහැ. ඒ ¥ෂිතයින් කාබාසිනියා කළ දේවල් නැවත ලබාගන්න වැඩපිළිවෙළක් නැහැ. නාස්තිය කියන එක රාජ්‍ය මට්ටමින් ඉහළටම ගිහින්. ලක්‍ෂයක් වියදම් කළ යුතු වැඬේට ලක්‍ෂ දහයක් වැය කරනවා. හැම පාර්ශ්වයක්ම රජයේ වැඩකටයුතුවලට සම්බන්ධ වෙන්නෙ සැලකිය යුතු මුදලක් සාක්කුවට දමා ගැනීමේ අභිලාෂයෙන්, සිංගප්පූරුව දියුණු වුණේ ¥ෂණයයි නාස්තියයි පිටු දැකීමෙන්, මම හිතන්නෙ ජනාධිපතිතුමා ඔය විවිධ අණපනත් ගේනවට වඩා ¥ෂණය, නාස්තිය අවම කර ගන්න වැඩපිළිවෙළක් යෙදුවා නම් ඔහු නිදහසින් පසු අප ලද පෞරුෂයක් සහිත රාජ්‍ය නායකයෙක් කියල ජනයා අතර තහවුරු වේවි.

ජනාධිපතිවරයාත්, ජනතාවගෙ වීරයෙක්. හමුදාපතිත් ජනතාවගෙ වීරයෙක්. දැන් එක වීරයෙක් හිරේ. මේ තත්ත්වය ඔබ වහන්සේ දකින්නෙ කොහොමද?

සරත් ෆොන්සේකා මහතාට මිනිස්සුන්ගෙ විශාල ගෞරවයක් තිබෙනවා. යුද්ධයේදී යුද හමුදාවට නායකත්වය දුන්නු පුද්ගලයා හැටියට. නමුත් ෆොන්සේකා මහතා පමණක් නොවෙයි ගුවන් හා නිවාක හමුදාවෙන් ලද සුවිශේෂී දායකත්වය නොවන්න භූමියේ යුද්ධයෙන් විතරක් දිනන්න බැහැ. ගුවන් හමුදාව තමිල්චෙල්වම් හටපු තැනට පහර දුන්නාම ඒක එල්ටීටීඊයේ භාගයක් ඉවර වුණා වගේ දෙයක්. රජයෙන් හමුදාවලට මඟ පෙන්වීම් කළා. සියලූම සම්පත් ලබා දුන්නා. ඒ තත්ත්වය තුළ යුද ජයග‍්‍රහණයේ ගෞරවය කාටත් හිමිවිය යුතුයි. නමුත් යුද්ධය දිනුවට පසුව ෆොන්සේකා මහතා යුද ජයේ ගෞරවය තනිවම ලබා ගන්න තැනට මාධ්‍ය හරහා පැමිනුණා. ඔහුට යුද සේනාධිපතියෙක් ලෙස තමයි ගෞරවය ලැබුණේ, දේශපාලඥයෙක් ලෙස නෙවෙයි. මම නම් හිතන්නෙ එතුමා දේශපාලනයට එන්න ඉක්මන් වුණා වැඩියි. ඉක්මන් වීම නරක අතට හැරුණෙ තමන්ගෙම සේනාධිනායකයාට එරෙහිව තරග කරන්න සිදුවීම නිසයි. එතුමාටත් කාගෙන් හරි පෙළඹවීමක් ඇතිවෙන්නත ඇති. පොදු අපේක්‍ෂකයා කියන අදහස විසින්ම මේ මනුස්සයා බිලිගත්තා කියලයි මට හිතෙන්නෙ. අර තරම් බලවත් ජනාධිපතිධුරයක සිටින මොනම කෙනෙක්වත් මේ වගේ තත්ත්වයක් ඉවසන්නෙ නැති බව අපිට තේරුම් ගත හැකියිනෙ. මේ මනුස්සයා මේ තරම් ඉක්මනින් මට එරෙහි වුණේ ඇයි කියලා ජනාධිපතිතුමා තුළ මානසික ඝට්ටනයක් එන්න පුළුවන්නෙ. ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට නොඉල්ලූවා නම්, එක්කො ජනාධිපතිතුමාගේ පක්‍ෂයෙන්ම මන්ත‍්‍රීධුර අපේක්‍ෂකයකු ලෙස ආවා නම් අද ඔය වගේ කිසි ප‍්‍රශ්නයක් නැහැ. එතකොට එතුමාගේ ¥ෂණ ගැන හොයන්න යන්නෙත් නැහැ. වෙන දේවල් ගැන හොයන්න යන්නෙත් නැහැ. එයිට වඩා අභියෝගවලට ලක්වූ අය මෙහා පැත්තට ආවම අපූරුවට ඒ ප‍්‍රශ්න විහැලි ගියේ. ඒ ෆයිල් එතකොට නැවත අදින්න බැරි වෙනවා. ෆොන්සේකා මහතා ඡුන්දෙදි එක එක්කෙනාට දඬුවම් දෙනවා කිව්වා මිසක් තමන්ගෙ සංවර්ධන වැඩපිළිවෙළක් ගැන කතා කළෙත් නැහැනෙ. ඒ සියල්ල අවසානයේදී ඔහුට නරකට හිටියා.

(උපුටා ගැනීම රාවය පුවත්පතෙනි)
 Tell a Friend