පන්සිය පනස් ජාතක පොතෙන් : රිසයිහ ජාතකය


තවද පස්මරුන් බිඳ ජයගත් හෙයින් මාරජී නම් වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සේක් අනේපිඬු මහ සිටානන් අරභයා මේ ජාතකය දක්වන ලද.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ විසය්හ නම් සිටුව උපන්නාහුය. දන්හල් කරවා දවස සලක්‍ෂයක් ධන වියදම් කොට ජම්බුද්විපයෙහි නඟුල් උඩ බඳවා මහත් දානසම්භාරයන් කරන්නාහ. මේ කුසල සම්බාරයෙහි ආනුභාවයෙන් ශක්‍රයන්ගේ පාණ්ඩුකම්භල ශෛලාසනය උනුවිය. එවිට ශක්‍රයෝ දිවසින් බලාගෙණ ශක්‍ර සම්පත් ඇරගන්නා නිසා මූ මම දානාධාසය කෙරෙතියි සැකව දානාධ්‍යසියට මම අන්තරාය කෙරෙමි සිතා අවුත් සිටානන්ගේ දන්දෙන්ට තිබූ එලඟිතෙල් සාල් තල මුං ආදීවූ දෙයද රත්රන් මුතු මැණික් සංඛසීලා ප්‍රචාලාදීවූ දෙයද වාල්සරක් ආදිවූ උපභෝග සියලු වස්තුද අන්තර්ධාන කරවූහ. සිටානන්ගෙන් දන්දෙන්නට සැලැස්වූ පුරුෂයා සලක්‍ෂයක් වස්තුව වියදම් කොට දන්දෙන්ට තිබූ සියලු වස්තුන් අනතර්ධාන වූවා දැක සිටානන්ට ගොසින් කියන්නේ ස්වාමීනි දන්දෙන්ට තිබූ සියලු වස්තු අන්තර්ධාන විය. එසේ හෙයින් සෙට දන්දෙන්ට කිසිදෙයකුත් නැතැයි කීහ. එපවත් සිටානෝ අසා ඊට කාරණා කින්දැයි සිතා තමන්ගේ බිරින්ද ගෙන්වා කියන්නාහූ සෙට දවසට දන්දෙන්ට තිබූ සියලු වස්තුවත් නැතිව අන්තර්ධාන විය. මාගේ රත්රන් මුතු මැණික් ආදී සියලු වස්තුව තිබූ භාණ්ඩාගාර ගෙවල්වල දොර අරවා ඉන් වස්තු වියදම් කොට දන්දෙවයි කියා වස්තු තිබූ ගෙවල් දොර ඇර බැලු ගමනේ අමුනක් විචරක කිසි වස්තුවක් නැතිව අන්තර්ධාන වූ හෙයින් කිසි වස්තුවකුත් නුදුටු වාහ. සිටානන්ගේ භාර්යාවෝ සිටානන්ට කියන්නාහූ නුඹ වහන්සේගේ ඉන තුබූ සළුව හා මාගේ ඉන තිබු කඩවිනා වී නැලියක්වත් සාල් නැලියක්වත් මස්සක් අකක්වාලක්සරකක් නැතිව සියලුවස්තු අන්තර්ධානවයයි කිවුය. සිටානෝ කියන්නාහූ මාගේ ප්‍රාණය තිබුතෙක් වේලා මාගේ දානයට අන්තරාය නොකෙරෙමි. එසේ හෙයින් උත්සාහ ඇතිව ගෙයබලා දන්දෙන්ට නිසි දෙයක් ගෙණ වයි කීහ. යහපතැයි ගෙට ගොසින් බැලූ ගමනේ මිනිසකු දමාගිය කඳකුත් දැකැත්තකුත් දැක ගොසින් ගෙණවිත් ස්වාමිනි මෙපමණක් විනා දුටුදෙයක් නැතැයි කියා සිටානන් අතට දුන්හ. සිටානෝ භද්‍රාව මෙතෙක්දා අපගේ සියලු වස්තු ඇති හෙයින් දැනුත්දී අපිත් සැපසේ රැකුම්හ. දැන් වස්තු නැති හෙයින් රැකෙන්ටත් දන්දෙන්ටත් අනික්මානෙක් නැත. මේ කදත් දෑකැත්තත් ඇරගෙණ වලට ගොසින් තණදාගෙණවිත් වී කොට භාගයෙක් දන්දෙම්හ. භාගයක් ගෙණ රැකෙම්හයි කීයා කදත් දෑකැත්තත් ඇරගෙණ තණ දානලෙස වලට නික්ම තණකඳක් ගෙණවිත් වී කොට භාගයක් දන්දී භාගයක් තමන් රැකෙන්ට යයි තිබාගත් ගමනේ යාචකයන් එනහෙයින් තමන්ට තිබූ භාග යත් දී නිරාහාරයෙන් ඉඳ මේ නියායෙන් සත්දවසක් දන්දී නිරාහාරයෙන් උන් නාහ.

සත්වෙනි දවසේ තණකද කරතබාගෙණ ගෙට එන ගමනේ අව්රශ්මි ශරීරයේ වැදගත් ගමනෙනුත් සත්දවසක් නිරාහාරයෙන් උන්හෙයිනුත් සුඛු මාල වූ ශරීර හෙයිනුත් භ්‍රමිතව තණකද ඇරගෙණ විථියේ වැටුනාහ. එවිට ශක්‍රයෝ ආකාශයෙහි සිට කියන්නාහූ එම්බල සිටානෙනි තොප දුප්පත් අවස්ථාවෙහි තොපගේ ප්‍රාණයද රැකනොගෙණ දන්නොදී සැපසේ වැදහෙව ඉඳුවයි ශක්‍රයන් අතින් විචාළෝය. ශක්‍රයෝ මම ශක්‍රයෙක්මියි කිවුය. සිටානෝ කීය. තොප මේසා වූ ශක්‍රසම්පත් ලද්දේ විශේෂයෙන් දන්දී පඥසීලය රැකපෝය අෂ්ඨාංග ශිලය රැක වුව. මෙසේ පින්කොට මෙසේවූ ශක්‍රසම්පත් ලැබ සිටිනෝත් මෙලෙස කියන්ට කාරණා කින්ද තොප එක ශක්‍රකෙණෙකුන් තබා දහසක් ශක්‍රයෝ අවුදින් පින් නොකරවයි කිවු නමුත් මාගේ දානයට අන්තරාය නොකරමියි, මෙසේ වූ දුක්ඛිතව සිටත් මාගේ දානාංධ්‍යාශයට අඩුවක් නොකරමි සිටානෝ කී කල්හි ශක්‍රයෝ මෙසේ දුක්ඛිතව සිටත් තොප මෙසේ පින්කරමි මාගේ දානයට අඩුවක් නොකරමි කියන්නේ කවර කාරණාවක් නිසාදැයි විචාළ කල්හි සිටානෝ කියන්නේ එම්බල ශක්‍රය ශක්‍රසම්පත් මාර සම්පත් බ්‍රහ්මසම්පත් ඇරගන්නා නිසා නොවෙයි, තා ඇතුළුවූ සූවිසි අසංඛ්‍යයක් සත්වයන් සංසාර සාගරයෙන් ගොඩලා සම්‍යක් සම්බෝධියට පැමිණෙන නිසායයි කීහ.

එපවත් අසා ශක්‍රයෝ වහා සන්තුෂ්ටව සිටානන්ගේ ශරීරය ශක්‍රයෝ තමන්ගේ අතින් පිරිමැද ළූ ගමනේ දිව්‍ය පහස හෙයින් සිටානන්ගේ ශරීරය පිණ නැගී සිටියාහ. එවිට ශක්‍රයෝ සිටානන්ට කියන්නාහු පළමු කොට තොප දෙන්නේ සලක්‍ෂයක් වස්තුනොවේද මෙතැන්පටන් දොළාස් ලක්ෂයක් සම්පත් වියදම්කොට දන්දෙවයි කියා සිටානන්ගේ අනතර්ධාන කළ සම්පත් සිටානන්ට පෑ ශක්‍රයෝ තමන්ගෙනුත් සියලු සම්පතින් උන්ගේ ගෙය පුරා තමන්ගේ ශක්‍රභවනයට ගියහයි සිටානෝ බොහෝ දානාංශ්‍යශය කොට කම්වූ පරිද්දෙන් ගියහයි වදාරා මේ විසය්ග ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි සිටුව උපන්නෙම් බුදුවූ මම් ම යයි වදාළසේක.

Tell a Friend